මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටුණු අවස්ථාවේදී ආර්ථිකය ගොඩගන්න නම් ඉස්සෙල්ලම තිබුනේ අපේ රටේ තියෙන ධාරිතාව සම්පූර්ණයෙන්ම යළිත් ක්‍රියාත්මක කරන්න.
මේ අවුරුදු දෙකේ 23, 24 ඒ වැඩ කටයුතු කරගෙන යන්න. දැනට 4% ක් 5% විතර අපි වර්ධන වේගයක එනවා . 10% බලාපොරොත්තු වුණේ .
ඒ නිසා විශේෂයෙන්ම වර්තමාන ජනාධිපති අනුව දිසානයක මැතිතුමත් මුදල් ඇමති හැටියටත් ආණ්ඩුවත් IMF සංවිධානය සමඟ අපි එකඟ වුණ රාමුව ඉදිරියට ගෙන යාම ම ගැන මගෙ සතුට ප්‍රකාශ කරනවා.
මොකද අපිට ඒකෙන් පිට යන්ට බැහැ. ඒත් එතනදි අපිට අපේ ධාරිතාව සම්පූර්ණ දැනට පවතින ධාරිතාව සම්පූර්ණ වුනාට පස්සේ අලුත් මාර්ග හොයන්න පුළුවන්. මේවට කල් යනවා. ඉතින් විශේෂයෙන්ම ඒ එක මාර්ගයක් තමයි අපේ සංචාරක වියාපාරය .
ඒත් සංචාරක ව්‍යාපාරයත් අලුතෙන් හිතන්න ඕන. මේ ඩොලර් පනහ සියයට මේවා විකුණලා හරියන්නේ නෑ . මූලික එකක් හැටියට සමස්තයක් හැටියටත් අපි බලන්න ඕන සංචාරකයින් ගෙන් දවසකට ඩොලර් 300ක් ක් හොයන්න බැරි නම් මේ රටේ මේ තියෙන මේ වැඩකටයුතු වලින් අපිට ඇත්ත වශයෙන්ම කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නෑ.
ඒ වගේම තමයි 2028 වෙනකොට අපිට ආපහු ණය ගෙවන්න තියෙනවා . ඒ කටයුත්තක් තිබෙනවා… අපේ ධාරිතාවය පිරෙන්න පිරෙන්න අපේ වර්ධන වේගය අඩු වෙනකොට අලුත් මාර්ග හොයන්ට තියෙනවා.
රනිල් වික්‍රමසිංහ – හිටපු ජනපති