“ඡනතාවට අපි ප්‍රතිපත්තිමය ප්‍රකාශයක් කරලා තියෙනවා මේ රටේ ධනය හොරකන් කරපු, දේපළ හොරකන් කරපු, නාස්ති කරපු මේ ඕනම මහත්තයෙකුට තරාතිරම නොබලා අපි දඩුවම් කරනවා කියන විශ්වාසය හැදුවා පුරවැසියන්ට. ඒ අනුව පුරවැසියො අපිට ඡන්දේ දුන්නා. අපි දැන් බලය අරගෙන තියෙනවා. අපි බලය අරගෙන දැන් ඉතාම විධිමත්ව, පරීක්ෂණ කරමින් ඒකට අදාළ නීතිමය කරුණු කාරනා ගොනු කරමින් අධිකරණ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. අත්අඩංගුවට ගැනීම් සිදුකරනවා.”
අරවින්ද සෙනරත් – පා.ම. – ඡාතික ඡන බලවේගය
“අවුරුදු 76 ක් තමන්ට බලය නොදිපු එකේ වෛරය තමයි මේ පිරිමහන්නේ. එහෙම නැත්තන් රටේ නියමෙට ක්ලීන් කරන්න නම්, එතුමන්ලට වැඩසටහන් රාහියක් තිබුණා. හැබැයි ඒ එකක්වත් කරනවා වෙනුවට අද ත්‍රීවීල් සහෝදරයාට, ඒ වගේම බස් එකට, ඒ වගේම පුංචි කාර් එක ගන්න ඉන්න ඒ කට්ටියට තමයි මේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනින් පහර දෙන්න පටන්ගෙන තියෙන්නේ.”
ඩී.වී. චානක – පා.ම. – ශ්‍රී ලංකා පොදුඡන පෙරමුණ