අලි පලවා හැරීමේ දිවා රෑ නොබලා සිදු කල මෙහෙයුම

අලි පලවා හැරීමේ දිවා රෑ නොබලා සිදු කල මෙහෙයුම

වන අලි ඇතුළු වන සතුන් දිනෙන් දින වගාවන්ට හානි සිදු කිරීමෙන් ගොවීන් දැඩි දුෂ්කරතාවකට පත් වූ අතර අප ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම තොරතුරු වාර්තා කළා. මේ වනවිට අලින්ගෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ උතුරුමැද පළාතේ ගොවිබිම් වලටයි.

ඒ අනුව පසුගියදා රැස් වූ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තීරණය කෙරුනේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිටින වන අලි විල්පත්තු රක්ෂිතය දක්වා පළවා හැරීමටයි. ඒ අනුව පසුගිය 19 වනදා වන අලි විල්පත්තු රක්ෂිතය දක්වා පළවා හැරිමේ මෙහෙයුම් ආරම්භ කෙරුණා.

ඒ අනුව විලච්චිය ශ්‍රාවස්තිපුර සහ තඹුත්තේගම යන ප්‍රදේශවල සිටින වන අලි මෙලෙස විල්පත්තුව දක්වා පළවා හැරීමේ කටයුතු සිදු කෙරුණා. මෙම මෙහෙයුම සඳහා වනඡීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද එක්ව සිටියා.

මේ අතර තන්තිරිමලේ හන්දිය ප්‍රදේශයෙන් ගම්වලට ඇතුළු වීමට උත්සාහ කළ වන අලිරංචුවක් ඊයේ (21) පස්වරුවේ නිකවැව හරහා ඔයා මඩුවට පළවා හැරීමට කටයුතු කර තිබුණා.

එම වන අලිරංචුව අද පස්වරුව වනතෙක්ම රැදී සිටියේ ඔයාමඩුව ගොවිපළේයි. අද පසුවරු 4 ට යලිත් එම වන අලිවිල්පත්තු රක්ෂිතය දක්වා පළවා හැරීම සිදු කෙරුණා. ඊයේ දිනයේ පන්නා දැමූ වන අලින් 60 කට අධික පිරිසක් මෙසේ රැදී සිටි අතර එම වන අලීන් අද දිනයේ (22) විල්පත්තු රක්ෂිතය දක්වා පන්නා දැමීමේ මෙහෙයුම් ක්‍රම ක්‍රමයෙන් සිදු කරනු ලබනවා.

සිවිල් ආරක්ෂක නිලධාරීන් ඒ වගේම වනඡිවී ආරක්ෂක නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරමින් මේ අලින්ට කිසිදු හානියක් නොවන ආකාරයෙන්, ඒ වගේම සාමාන්‍ය ඡන ඡිවිතයට කිසිදු හානියක් නොවන ආකාරයෙන් මේ අලි පන්නා දැමීමේ ක්‍රියාන්විතය සිදු කරමින් පවතිනවා. අලි කන්නයක් දෙකට තුනට කැඩී 60 කට වඩා පිරිසක් වැව් තාවුල්ලත් පසුකරමින් විල්පත්තුව දෙසට ගමන් කරමින් සිටින ආකාරයක් දැකගත හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *