යාපනය දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සහ රැස්වීමට සහභාගී වූ රාජ්‍ය නිලධාරීන් අතර නොසන්සුන්කාරී තත්වයක් හටගෙන තිබෙනවා.
” අපිව බය කරලා ආරක්ෂක නිලධාරීන් බය කරලා රෝහලට එනවා නම් ඒ දෙවියෙක් වුනත් එන්න අවසර නැහැ . විශේෂයෙන් මෙතන නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉන්නවා . ඒ නිසා මම කාරණාව මේ රැස්වීමේ කියන්න කැමතියි .
ඔබතුමා නිලධාරීන් මෙලෙස පහත් කර කතා කිරීම අපිට පිළිගන්න බැහැ. රජයේ සේවකයින් පහත් කර කතා කිරීම අපි අනුමත කරන්නේ නැහැ .
යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාට රැස්වීමට සහභාගී වූ රාජ්‍ය සේවකයන් රැසකගේ විරෝධය එල්ල වුනා.