නව රජයේ කැබිනට් මණ්ඩලය ඊයේ රැස් වූ අතර ඊට ඉදිරිපත් කල යෝජනා අතරට ප්‍රධාන යෝජනාව වුයේ ලබන වසරේ අය වැය සදහා ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා අතුරු සම්මත ගිණුමක් සකස් කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කල යෝජනාවයි.
එම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ අතර මෙම අතුරු සම්මත ගිණුම පිළිබද විවාදය දෙසැම්බර් මස 5 සහ 6 යන දෙදින තුළ පැවැත් වීමට ඊයේ රැස් වූ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
රුපියල් බිලියන 219.373ක පරිපූරක ඇස්තමේන්තුවක් යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා ද ජනාධිපතිවරයා ඉදිරිපත් කල යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුනා.
2025 වසරට අදාළව අය වැය ලේඛනය සකස් කිරීමට අදාළව අනුමිතිය දීම සදහා ඊයේ රස් වූ කැබිනට් අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව දෙසැම්බර් මාසයේ පළමු සති දෙක ඇතුළත දී සියලු අමාත්‍යංශ සහ දෙපාර්තුමේන්තු වලින් අය වැයට අදල යෝජනා ලබා ගන්නත් ජනවාරි 9 වන දා අය වැය කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් පෙබරවාරි 17 වන දා දෙවන වර කිය වීමටත් පෙබරවාරි 27 සහ මාර්තු 21 අය වැය විවාධය පැවැත් වීමට හැකි වන ලෙස මේ කටයුතු සිදු කිරීම සදහා අමාත්‍ය මණ්ඩලය ගරු ජනාධිපතිවරයා වෙත අනුමැතිය ලබා දී ඇත.
ජනාධිපතිවරයා ඉන්දියානු රජයේ ආරාධනාවක් අනුව දෙසැම්බර් මස 3 වන සතියේ පමණ නිල විදෙස් සංචාරයක නිරත වීමට නියමිතයි.