අම්මයි තාත්තයි බලාගන්නවා අපි ආරක්ෂාව දෙන්න අපිට හමුදාවක් නෑ

LANAKACNEWS

තාත්තයි අම්මයි අපි බලාගන්නවා. අපිට අල්ලපු ගෙදර කෙනාගෙන් යට ඇදුමේ ඉදන් ඉල්ලගෙන ඇදල අපට පුරුදු නැහැ. ඒක අපේ සංස්කෘතිය නෙමෙයි. අපේ තාත්තයි අම්මයි අපි බලාගන්නවා. හැබැයි ඉතින් මේ රටේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව දෙන්න මං ළග සන්නද්ධ හමුදාවක් නැහැ. මගේ පක්ෂේත්  සන්නද්ධ හමුදාවක් නැහැ. අපි හැමදාම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුව විශ්වාස කරපු අය. ඒ වගේම විවස්ථාපිත කරණයකට පවුලට මැදිහත් වෙන්නත් බැහැ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සහ නිවාස රජයට පැවරිලා තිබෙන්නේ විවස්ථාවෙන්.  විවස්ථාවෙන් පැවරිච්ච කාරණයක් පුත්තු තුන්දෙනාට කරේ තියාගෙන යන්නත් බැහැ. තාත්තයි අම්මයි අපි බලාගන්නම්. විවස්ථාව උල්ලංඝනය කරලා ආණ්ඩුව දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් එහෙමත් නැතිනම් ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා නම් විවස්ථාව පුත්තු තුන්දෙනා උල්ලංඝනය කරනවා කියල කියන්න එකනම් වෙන්නේ නැහැ. ගේ විකුණා ගන්න ඕනිනම් ලිඛිතව දන්වන්න . අපි යන්නම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *