අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත.. යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔවුන් දෙදෙනාට තවත් යතුරු පැදියකින් පැමිණි තුවක්කුකරුවන් විසින් වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසීය. වෙඩි ප්‍රහාරයට ලක්වූ කාන්තාව සහ පිරිමි පුද්ගලයා එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර ඔවුන් අම්බලන්ගොඩ, කුලීගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි අඹුසැමි යුවළකි. මියගිය කාන්තාව මෙන්ම පිරිමි පුද්ගලයා ද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අය බව ද පොලීසිය සඳහන් කළේය. වෙඩි තැබීම T-56 වර්ගයේ ගිනි අවියකින් සිදු කර ඇති බවට දැනට සිදුකළ විමර්ශනය අනුව පොලීසිය සැකකරනු ලබයි. සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Related Posts
ඖෂධ හිඟයක් හෝ බාල ඖෂධ කිසිවක් නොමැත
රට තුළ කිසිදු ඖෂධ හිඟයක් හෝ බාල ඖෂධ කිසිවක් නොමැති බව රාඡ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මනෝඡ් වීරසිංහ…
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 40න් දෙනවා
ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් පහළොස්වෙනිදා පැවැත්වුණා. ඒ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණු දිනයේදීම ශිෂ්‍යත්ව විභාගයේ ඇතුළත් ප්‍රශ්නවලට සමාන ප්‍රශ්න ඇතුළත් ලේඛනයක් ඊට පෙර…
Rey Mysterio මිය යයි
සුප්‍රසිද්ධ මෙක්සිකානු මල්ලවපොර ක්‍රීඩක Rey Mysterio සහ WWE සුපිරි තරුවක් වන Rey Mysterio 2024 දෙසැම්බර් 20 වන දින ඔහුගේ පවුලේ…