” මං මේ සැරේ අයවැය ලේඛනයට දානවා අලුත් යෝජනාවක්. අපේ රටේ හැම වෙලාවෙම තියෙන්නේ අපි එකිනෙකාට වෙනස් වූ උත්සව. තයිපෝංගල් උත්සවය දෙමළ ජනතාව හින්දු ජනතාව සමරනවා. වෙසක් උත්සවය බෞද්ධ ජනතාව සමරනවා. ක්‍රිස්තියානි ජනතාව නත්තල් සමරනවා. ඉස්ලාම් ජනතාව රාමසාන් සමරනවා. හැබැයි දෙමළ, සිංහල, මුස්ලිම්, බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් අපි ඔක්කොම එකතු වෙලා සමරන දිනයක් අපිට අවශ්‍ය නැද්ද? අපි සැලසුම් කරලා තියනවා ඔක්තෝබර් මාසේ මේ සියලු ජන ප්රජාවන්ගේ සංස්කෘතීන්, ආහාර රටා, ජීවන රටාව ඒ වගේම අදින පළඳින රටා.. මේ ඔක්කොම එකට එකතු කරලා සංගීතය, නාට්‍ය, කවි මේ ඔක්කොම එකතු කරලා ජාතියේ මහා මංගල්‍යය අපි ලෑස්ති කරලා තියනවා. අපි ඈත් වෙලා හිටියට අපේ දරුවන්ට ඈත් වෙලා ඉන්න දෙන්න හොද නෑ. අපේ පරම්පරාව යුද්ධ කරගත්තට අපේ දරුවන්ගේ පරම්පරාවට යුද්ධ කරන්න ඉඩ දෙන්නේ නෑ. උතුරෙ දකුණේ නැගෙනහිර සියලු දරුවන් එකට එකතු වෙන රාජයක් බවට මේ රාජය අපි පත් කරනවා.”
ජනාධිපති අනුර කුමාර දිසානායක