අපිව ක්ලීන් කරේ රනිල් වික්‍රමසිංහ

අපිව ක්ලීන් කරේ රනිල් වික්‍රමසිංහ

පහුගිය මැතිවරණයේදි ඔබතුමන්ලා ක්ලීන් කරා නේ. ඒක දැන් කොහොමද.. සමහර වල්ගස් හැදීගෙන එනවා. ක්ලීින් වුණාද?

“අනිත් අය අපිව ක්ලීන් කරන එක කෙසේ වෙතත් මාලිමාව තමන්ගේ ප්‍රතිපත්ති ක්ලීන් කරගෙන යන පාටක් නම් පේනවා. මොකද මැතිවරණ කාලේ කියපු එකක්වත් ප්‍රායෝගිකව බිම් මට්ටමේ කරන්න බැරි බව දැන් ඒ අයටම තේරෙනවා. දැන් ඒ අයම කියනවා දින 100 න් කරන්නේ කොහොමද, දින 40 න් කරන්නේ කොහොමද? අපිට තව කල් ඕන. දැන් මේ එක පෑන් පහරෙන් කරන්න ආපු අයනේ. දැන් තමයි ඒ අයට රාඡ්‍ය යාන්ත්‍රණය, රාඡ්‍ය පාලනය කියන එකේ ප්‍රායෝගික අත්දැකිම් ලැබිලා තියෙන්නේ. ඉතිං මං හිතනවා ඒ කට්ටිය ඉක්මන්ට ඉගෙනගත්තොත් හොදයි. අපි පක්ෂයක් විදියට ඇත්තටම අපිව ක්ලීන් කරේ එන්.පී.පී. එක නෙවෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඉතිං අපි ස්තූතිවන්ත වෙනවා එතුමට. ඉතිං අපි ගොඩනැගිලා ශක්තිමත් බලවේගයක් විදියට අපි ඉස්සරහට යනවා. අපි පහුගිය කාලේ දැක්කා හාල් මාෆියාවක් ගැන කතා කරනවා. අද ඒ හාල් මාෆියාව වෙනුවට පිටරටින් ලංකාවට හාල් ගේන අලුත් මාෆියාවක් පටන්ගෙන තියෙනවා වැඩි වියදමට. මම නම් කියන්නෑ ඒක හොරකම් කරනවා කියලා.. මොකද මෙයාලා කියන්නේ හොරකම් කළා කියලනේ. හැබැයි ඉතිං රුපියල් 22 ක් වැඩිපුර මිනිස්සු ඡන හා සංඛ්‍යා ලේඛන වාර්තා අනුවත් හාල්වලට වියදම් කරනවා. ඒ රුපියල් 22 කොහෙටද යන්නේ කියන කාරණය පිළිබඳව අද ලොකු කතාවක් සමාඡයේ තියෙනවා.”

රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ආයේ දීගයක් නැද්ද?

“තිබ්බෙත් නෑ නේ. ඒ දීගයක් නෙවෙයි නේ. ඒ තාවකාලික විවාහයක්. පාරම්පරික වශයෙන්, ප්‍රතිපත්තිමය වශයෙන් හැම කාරණයකදීම අපියි රනිල් වික්‍රමසිංහ මැතිතුමයි අතර සම්බන්ධතාවයක් නොතිබ්බත් ඒ වෙලාවේ රට බාරගත්ත එකම මනුස්සයට උදව් කරලා රට ස්ථාවරත්වයට අරගෙන එන්න. ඒක අපි කළා. ඉතිං ඒ පිළිබදව අපි සතුටු වෙනවා.”

නාමල් රාඡපක්ෂ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *