අනුර කුමාර දිසානායක මහතා ජනතාවට පැවසූ දේ

අනුර කුමාර දිසානායක

ඡනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළුතර කටුකුරුන්ද වෙට්ටුමකඩ පාකිස්ථාන් ක්‍රීඩාපිටියේ පැවති සුහද හමුවකට ඊයේ (19) පස්වරුවේ එක් වුණා.

“ අපි නොවැම්බර් මාසේ 21 වැනිදා කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන්නා. ඇමතිවරු 21 යි. රාඡ්‍ය අමාත්‍ය ධූර කියලා කෑලි නෑ. ඉස්සර අමාත්‍ය ධූර පාරේ යනකොට ඇගේ හැප්පෙනවා. මේ කළුතර.. මතකද? අපිට කළුතර මන්ත්‍රීවරු 8 ක් ආවා. අමාත්‍ය ධූර කීයද? 1 යි . ඇයි ඒ. රටක් හදන්න ඕනකම තිබෙන්නේ මන්ත්‍රීවරුන්ට තනතුරු වරප්‍රසාද දීලා නෙවෙයි. ඉස්සර හැදුවේ එහෙම නෙවෙයි. සතුටු කරන්න. හොදද නරකද එහෙම ආණ්ඩුවක්.. ඕනද එහෙම ආණ්ඩුවක්. අන්න එහෙම ආණ්ඩුවක් හදන්නේ අපි විතරයි. අනාගතේ වෙන කවුරුවත් හදන්නේත් නෑ ආයේ. මතක තියාගන්න හොදද.. ඊළගට වෙළද අමාත්‍ය මණ්ඩල බෙදන්නේ කොහොමද? ලොකු අයියා අගමැති වෙනවා. පොඩි මලයා ආර්ථික ඇමති වෙනවා. ඥාති පුතා කෘෂිකර්ම ඇමති වෙනවා මතකද? මේ අමාත්‍ය ධූර ඥාති වර්ගයාට බෙදාගත්තේ. එහෙම සංස්කෘතියක් ආපහු මේ රටේ මහපොළොවේ ඇති වෙන්න ඉඩ දෙන්නේ නෑ මේ රටේ ඡනතාව…

අපි කිසිම අමාත්‍යවරයෙකුට ආණ්ඩුවේ ගෙයක් දෙන්නේ නෑ. ගෙවල් ඔක්කොම රාඡ්‍ය පරිපාලන අමාත්‍යාංශයට භාර ගත්තා. ඒ විතරක් නෙවෙයි අපි තමුන්නාන්සේලාට පොරොන්දුවක් දුන්නා හිටපු ඡනාධිපතිවරුන්ට ගෙවල් දෙන්නේ නෑ කියලා. මම දැන්මම ලියුමක් දෙනවා මට නම් එපා කියලා… මම මේ ලගදී මහින්ද රාඡපක්ෂ මහත්තයා ඉන්න ගෙදර රඡයේ තක්සේරු දෙපාර්තමේන්තුව යවලා තක්සේරු කළා. කීයක් වටිනවද? තාම ඉඩම තක්සේරු කරගන්න බැරි වුණා. ගේ විතරක් තක්සේරු කලා. ගේ තක්සේරුව අනුව මාසික කුලිය ලක්ෂ 46 යි… පනතේ තියනවා එක්කෝ හිටපු ඡනාධිපතිවරයාට ගෙයක් හිමියි. නැත්තන් පඩියෙන් 3න් 1 ක් හිමියි. අපි ගේ ගන්නවා. පඩියෙන් 3 න් 1 ක් දෙනවා. 30,000යි එහෙම නැත්තන් ඉතුරු සල්ලි ටික දීලා ඒ ගේ ඉන්න පුළුවන්. මාසේ කුලියට. කුලිය දුන්නේ නැත්තන් එළියට. කරන්න ඕන. මේ රට හදන්න ඕන. මෙච්චරකල් රටේ ඡනතාව රැවටීමකට භාඡනය කරලා ඒගොල්ලෝ මහඡනයාගේ ධනයෙන් විරාඡමානව වැඡඹෙනවා..” මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරනවා. ඒ වගේම ඡාතික ඡන බලවේගයේ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට පර්මිට් දෙන්නේ නෑ. “

ඡනපති – අනුර කුමාර දිසානායක 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *