සිව් දින චීන සංචාරය සදහා ජනධිපති අනුර කුමාර දිසානායක මහතා අද රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. ජනධිපතිවරයා ධූරයට පත් වීමෙන් පසු සිදු වන දෙවන නිළ විදෙස් සංචාරය මෙය වීම විශේෂත්වයක්. චීන ජනධිපතිවරයාගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි 14 වන දා සිට 14 දක්වා සංචාරයේ නිරත වන අතර එහිදී චීන ජනාධිපති ෂී ජින්පිං , චීන අග්‍රාමාත්‍ය ලී චයාන් ඇතුළු රාජ්‍ය ත්‍රන්තිකයන් පිරිසක් හමුවීමට නියමිතව තිබෙනවා.
චීන සංචාරයේදී ජනාධිපතිවරයා තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිදුකම පිටුදැකීම ආදී අරමුණු පෙරටු කර ගත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට සභාගී වීමට නියමිතයි. එමෙන්ම ඉහළ පෙළේ වියාපාරික හමු කිහිපයකට ද එක්වනු ඇති. මෙම සංචාරය අතරතුර දෙරට අතර ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතයි. එය දෙරට අතර දිගුකාලීන සබදතා තවදුරටත් ශක්තිමත් කරමින් ආර්ථික , වෙළද සහ ආයෝජන සහයෝගිතාව වැඩිදියුණු කිරීම රජයේ අපේක්ෂාවයි.