අධිවේගී මාර්ග ගුවන් තොටුපොළවල් සහ සෑම පාරක්ම හදලා රට සංවර්ධනය කරපු එක අමතක කරලා රටේ ජනතාව අනුර කුමාර මහත්මයා ප්‍රධාන ජනතා විමුක්ති පෙරමුණට ජනාධිපති ධූරය සහ ආණ්ඩු බලය ලබා දුන්නේ වෙනස්ම වූ බලාපොරොත්තු හිතේ තියාගෙන කියන එක අපිට වඩා හොදට වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව තේරුම් අරගෙන සිටිනවා කියල අපි විශ්වාස කරනවා.
කරන්න බැරි දෙයක් තිබෙනවා නම් අනුර කුමාර ජනාධිපතිවරයාට බැරි නිසා තමයි ඒක නොකර ඉන්නේ. කරන්න බැරි දෙයක් තිබෙනවා නම් හරිනි අග්‍රාමාත්‍යවරිය ප්රමුඛ ආණ්ඩුවට බැරි නිසා තමයි ඒක නොකර ඉන්නේ. ඒ නිසා අපි කරන කාලේ බෑ බෑ කියල කිව්වට පිළිගත්තේ නැති නිසා දැන් ආණ්ඩුව කරන්න බැරි දේ බෑ කියන කොටවත් දැන් ආණ්ඩුව කරන්න බැ කියන කොටවත් ජනතාව විශ්වාසයේ ඉන්නවා කියල අපි හිතනවා. බැරි දේ බෑ .
අනුර කුමාර දිසානායක නෙමේ කවුරු ආවත් බැරි දේ බෑ . බැරි දේවල් තමයි පසු ගිය කාලයේ බෑ කිවේ. පුළුවන් දේවල් වලින් විශාල ප්‍රමාණයක් අපේ ආණ්ඩුවෙන් කරා. ජනතාව දැන් හොයල බලන්න අපි බැරියි කියපුවා කරා ද කියල .
තිස්සකුට්ටි – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී