මේ වන විට 2024 – 2025 මාස් කන්නයේ වී අස් වනු නෙළීමේ කටයුතු ආරම්භ වී තිබෙනවා. එවන් පසුබිමක සහල් ආනයනය සඳහා රජය ලබා දී තිබූ අවසරය අදින් අවසන් වනවා. වෙළඳ අමාත්‍යංශය පැවසුවේ අදින් පසු මේරටට සහ ගෙන්වීම තහනම් වන අතර එලෙස ගෙන්වන සහල් තොග ආපසු හරවා යවන බවයි. පසුගිය මාසයේ හතර වන දා සිට අද පෙරවරු එකොළහ දක්වා සහල් මේට්ට්‍රික් ටොන් 1 49 000ක තොගයක් රේගුවෙන් නිෂ්කාශනය කර තිබෙනවා. ඒ කැකුළු සහල් මේට්ට්‍රික් ටොන් පනස් පන්දහසක් සහ තැම්බූ සහල් මේට්ට්‍රික් ටොන් අනූ හතර දහසක් වශයෙන්.
සීවලී අරුක්ගොඩ – රේගු මාධ්‍ය ප්‍රකාශක
” මේ වන විට කොළඹ වරායට සේන්දු වී තිබෙන නෞකා දෙකක මෙට්‍රික්ටොන් අටදාහක් පමන සහල් තොගයක් තිබෙනවා. පවතින නීතිය අනුව අද රාත්‍රියේ දොළහෙන් පසුව සහල් ආනයනය සඳහා රේගු සටහන් කර ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැ . නමුත් නෞකාවල ප්‍රමාදය නිසා මේ සහල් ලැබීම ප්‍රමාද වුනොත් මං හිතන්නේ විශේෂයෙන්ම අදාල අමාත්‍යාංශ සමඟ කතා කරලා ඒවා නිදහස් කිරීමට සුදුසු ක්‍රමයක් තීරණය කළ යුතුයි “