හරීන් ප්‍රනාන්දු ඉස්සරහට බදුල්ලෙන් නැගිටිනවා.

හරීන්

අද උසාවි ආ හරීන් ප්‍රනාන්දු දැක්වූ අදහස් : –

මං හිතනවා මේ පළවෙනි එක විතරයි . මං හිතනවා මේ විදිහට විශාල වශයෙන් 2015 යහ පාලන ආණ්ඩුව කර ගත්ත ගොන්කම මෙතුමලත් කර ගනී වගේ පේනවා.

තව කණ්ඩායමකට එක විදිහකටත්. අපිට තව විදිහකටත් කටයුතු කිරීම හරි කණගාටුයි. ඒ වගේම පොලීසිය දේශපාලනයෙන් නිදහස් කරනවා කියනවා. මං ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුව දිවුරුම් දෙන හෙට දවසේ මං ආයාචනා කරනවා පොලීසිය දේශපාලනයෙන් නිදහස් කරන්න.

මේ වගේ එක පක්ෂෙකට එක විදිහකටත් තව පක්ෂෙකට තව විදිහකටත් සලකන්න බැහැ. මම උසාවියටත් ඉදිරිපත් කළා අනිත් පක්ෂ ඒ විදිහට ටීෂර්ට් ඇදන් ගියපු එක.

නමුත් මගේ එකේ අඩුම ගානේ පක්ෂෙක ලාන්චනයක් තිබුනේ නැහැ. නමුත් අනිත් පක්ෂ තමන්ගේ ලාංචනය ටීෂර්ට් එකේ ගහන් යන කොට ඔවුන්ව අත්අඩංගුවට නොගැනීමයි මාව අත්අඩංගුවට ගැනීමයි හොදයි. මං අර කිවා වගේ සතුටු වනවා.

දැන් ඉතින් මේ බදුල්ලේ හැමවෙලාවේම උසාවි එන්න වෙනවා. මිනිස්සු මාව බදුල්ලේ තියා ගන්න අලුත් විදිහේ දෙයක් කරලා තියෙනවා. ඒ නිසා මං සතුටු වනවා. හරීන් ප්‍රනාන්දු ඉස්සරහට බදුල්ලෙන් නැගිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *