අදත් ජනපති රනිල් නම් “හාලුත් තියෙනවා.. රිළවුත් ඉන්නවා.

gossip c Lanka , gossip c sri lanka , lanka c news , gossip lanka c news , gossip lanka c ,

මහ කන්නයේ වී වගා කටයුතු සිදු කෙරුණු ඇතැම් ප්‍රදේශවල අස්වනු නෙලීම මේ වනවිට සිදු කරමින් පවතිනවා. කෙසේ වෙතත් තවමත් තමන්ට පොහොර සහනාධාරය නොලැබුණු බවට ගොවීන් චෝදනා කරනවා.

“දැන් මාස දෙකේ ගොයම් කියන්නේ මේ ගානටවත් වැඩිලා තියෙන්න ඕන. දැන් බණ්ඩි තියෙන්නේ මේ. පොහොර නෑ ගහගන්න. ඉතිං කවද්ද අපි අස්වැන්න ගන්නේ ..ගන්න බෑ.. දැන් බන්ඩි පොහොර ගහන වයස ඇවිල්ලා තියෙන්නේ. තාම යූරියාවත් ගහන්න විදියක් නැතුව අපි මේ ඉන්නේ. කහ වෙලා තියෙන්නේ මේ ඔක්කොම..”

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයට පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාවත් සමග කවුඩුල්ල වැවේ වාන් ඡලය හේතුවෙන් මැදිරිගිරිය, පඹරාණ සහ අහමඩ්පුර ප්‍රදේශයේ ඡලයෙන් යටවූ කුඹුරු සඳහා මෙතෙක් කිසිදු සහනයක් නොලැබුණු බවට ගොවීන් මැසිවිලි නගනවා.

“කුඹුරු අක්කර 50 ක විතර මේ වගේ වැලිය් ගලුයි තමයි තියෙන්නේ. වැලි ටික ඉවත් කරලා මේ කුඹුර හරි හදලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. “

“පහුගිය කාලේ මාධ්‍යට ඇවිල්ල කියනවා ඇමතිවරු මේ මාසේ 5 වැනිදට කලින් මේ සියලු මුදල්, පොහොර සහනාධාර මුදල් සහ වර්ෂාවෙන්, ගං වතුරෙන් හානි වු වන්දි මුදල් ගෙවනවා කියලා. අද වෙනකොට දැන් 5 වැනිදා පහුවෙලා දවස් ගානක් ගිහිල්ලා. හැබැයි මේ වෙනකන් අර 30% පොහොර සහනාධාර මුදල් ලැබිලත් නෑ.. වන්දි මුදල් ලැබිලත් නෑ.”

පුංචිරාල රත්නායක – සභාපති- අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානය

මේ අතර කැකුළු සහල් හිඟයට හේතුව පැවති ආණ්ඩුව කැකුළු සහල් නොමිලේ ලබා දීම බවට වෙළද අමාත්‍යවරයා කළ ප්‍රකාශයට අද එක්සත් ඡාතික පක්ෂය ප්‍රතිචාර දැක්වූවා.

“ පසුගිය රඡය රනිල් වික්‍රමසිංහ ඡනාධිපතිතුමා පාලනය කරන කාලයේදී සහල් නොමිලේ ලබාදුන්න නිසා තමයි සහල් හිඟයක් ඇති වුනේ කියලා කියලා තියෙනවා. සම්පූර්ණයෙන්ම මං එය ප්‍රතික්ෂේප කරන්න කැමතී. 2023 මැදභාගයක් වෙනකන්ම ගොවිඡනතාව ගොවි බිම්වල නෙවෙයි හිටියේ. ඒ අයට ඕන කරන කෙමිකල් ඉල්ලමින් නගරයේ හිටියේ උදලු කරතියන්.. රනිල වික්‍රමසිංහ 8 වන විධායක ඡනාධිපතිතුමා ඒ අය ගොවිබිම්වලට යවලා අදාළ රසායනික ද්‍රව්‍ය සියල්ලක් සපයමින් පොහොර සියල්ලක් සැපයීමේ ප්‍රතිඵලයක් ලෙස සහල් මෙට්‍රික් ටොන් 40,000 ක් නිෂ්පාදන කළා. මේ කරපු ක්‍රියාදාමය නිසා හැකියාවක් ලැබුණා 2024 අප්‍රේල්, මැයි මාසවල පවුල් විසි ලක්ෂ අසූපන්දාහකට රුපියල් බිලියන 10 ක සහල් නොමිලේ ලබාදීමට අවස්ථාව උදා කරා.. අදත් රනිල් වික්‍රමසිංහ ඡනාධිපතිතුමා නම් රටේ පාලකයා සහල් මෝල් හිමියනුත් ඉන්නවා. සහලුත් තියෙනවා. රිලවුත් ඉන්නවා, රනිලුත් ඉන්නවා. එහෙනම් පොලුත් තියෙනවා.”

වඡිර අබේවර්ධන – සභාපති – එක්සත් ඡාතික පක්ෂය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *