නේපාලය , මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ කලාපීය අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවුණා .
දැනට ක්‍රියාත්මක වන ණය ප්‍රතිවියුහ ගත කිරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තිය දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා රජයේ කැපවීම මෙන්ම ස්ත්‍රී පුරුෂය සමාජ භාවය මත පදනම් වූ වැටුප් පරතරය ඉවත් කිරීම පිළිබඳව මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා .
ලෝක බැංකුවේ මාලාදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා වන කළමනාකරු ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම හමුවට එක්ව තිබෙනවා . මේ අතර යුනිසෙෆ් ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හෙනන් ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ආචාර්ය හරිනි අමරසූරිය හමුවුනා.
ළමා ආරක්‍ෂාව , මන්ද පෝෂණය සහ අධ්‍යාපනය ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස අවධානයට ලක්ව තිබෙනවා . යුනිසෙෆ් දකුණු ආසියාවේ කලාපීය අධ්‍යක්ෂ සංජය විජේසේකර යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත කලාපීය මෙහෙයුම් ප්‍රධානී ඇතුළු නිලධාරින් පිරිසක් මෙම හමුවට එක්ව තිබෙනවා.