අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර මැතිවරණයේදී කොළඹ දිස්ත්රික්කයෙන් මනාප චන්ද 6 55 289 ක් හිමි කර ගෙන තිබෙනවා. ඒ මෙරට ඉතිහාසයේ දැනට අපේක්ෂකයකු හිමි කර ගත් වැඩිම මනාප සංකයාව ලෙසයි වාර්තා වන්නේ.
මීට පෙර වැඩිම මනාප සංකයාව හිමි කර ගෙන තිබුනේ 2020 වසරේ කුරුණෑගල දිස්ත්රික්කයෙන් මහමැතිවරණයට තරග කල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. ඒ මනාප සංකයාව 5 27 364ක් ලෙසයි.
ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේක්ෂිකාවක් ලබා ගත වැඩිම මනාප ප්රමාණය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය තමන් සතු කර ගැනීමට සමත් වුනා.
මේ අනුව වැඩි මානප ප්රමාණයක් මාලිමාව ඉදිරියේ සලකුණු වෙද්දී හිටපු ප්රභල ඇමතිවරුන් රැසක් ගෙදර යැවීමට ජනතාව කටයුතු කළා.