ත්රිවිධ හමුදාව යොදවා වී පාලනය කරයි ද ? ඩඩ්ලි කියන අලුත්ම කතාව ….
අපි රටේ නීතියට යටත්. රටේ නීතියේ විදිහට බදු භාණ්ඩ මිලදී ගමු . එකෙන් වෙළද මහත්වරුන්ට රුපියල් 5ක වට්ටමක් තියල මේ තත්වය ජනාධිපතිතුමාට අවබෝධ කර දීලා සහයෝහයක් වශයෙන් ලබන කන්නයේ අස්වැන්න ලැබෙන තුරු මේ මිල පවත්වාගෙන යමු කියන යෝජනාවට සෑම කෙනෙක්ම එකග වුනා .
විශේෂයෙන්ම මිලදී ගන්න අය මිලදී ගන්න එපා ඊට වැඩියෙන් . පාලනය කරන්න බැරි නම් ත්රිවිධ හමුදාව යොදවන්න කියල මම පෞද්ගලිකව ඉල්ලීමකුත් කරා. පාලනය කරන්න බැරි නම් ජනධිපතිතුමා කීවා ඒක කරන්න බැරි කමක් නැහැ එත් එච්චර දුර යන්න ඕන නැහැ කියල.
ඒක නිසා මේක සාර්ථක කර ගන්න පුළුවන් සෑම උත්සාහයක්ම ගන්නවා . වෙළදපොලේ ඕනෑම වෙලාවක වතුර නැතත් හාල් තියෙන්න ඕනි. එක තමයි ඇත්තම කතාව. තව දින කිහිපයක් ඇතුළත අපි ඒ තත්වය ගේනවා.