සමන් රත්නප්‍රිය පවසන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව සෞඛ්‍ය අමාත්‍ය හා කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර බවයි . ජාතික ජන බලවේගය පක්ෂයේ ස්ථාවරත්වය මෙම පනත අහෝසි කිරීම බවත් ඒ අනුව නව රජය ක්‍රියා කරන බවත් ඇමතිවරයා ප්‍රකාශ කළ බව සමන් රත්නප්‍රිය පවසයි .
මේ බව ප්‍රකාශ කළේ මහවිරු සැමරුම ගැන ව්‍යාජ පුවත් බෙදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් චෝදනා ගොනු කිරීම හමුවේ රජයට එල්ලවන විවේචනය ගැන විමසා සිටි අවස්ථාවේදී.
මේ වන විට බද්දේගම මහේස්ත්‍රාත්වරිය හමුවට එක් සැකකරුවකු ඉදිරිපත් කර තිබේ. එතුමිය සඳහන් කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ඇති බැවින් මහේස්ත්‍රාත්වරයෙකුට ඇප ලබා දීමට නෛතික ප්‍රතිපාදන නොමැති බවයි.
මේ අනුව බද්දේගම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන ලද මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට වැඩ බලන මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන එක්සත් ජාතික පක්ෂයේ සාමාජික සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ මෙවැන්නකි.
2022 දෙසැම්බර් නවය කියන්නේ ලෝක මානව හිමිකම් දිනය. ලෝක මානව හිමිකම් දිනයේ දී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ෆේස්බුක් ගිණුමේ සඳහන් වනවා මෙම පනත අහෝසි කරමු කියලා. එහෙම අහෝසි කරමු කියලා කිව්ව අයම මේක දැන් අල්ලගෙන මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගන්නවා.
ඒක හරිද? ආණ්ඩුව ඇවිල්ල දැන් මාස තුනක් වෙනවා. ඇයි මේ පනත අහෝසි කරන්නෙ නැත්තේ. ඒක අහෝසි කරමු කියලා මිනිස්සු එලියට බැස්සුවා නම් ඉතිහාසයේ වෘත්තිය සමිති එළියට බැස්සුවා ඒගොල්ලොන්ගේ ක්‍රියාකාරීන් එළියට බැස්සුවා . මිනිස්සුන්ට ආරාධනා කරා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත රටට එපා කියලා.
දැන් ජනතා විමුක්ති පෙරමුණ මේ පනත සංශෝධනය කරන්නේ හෝ අහෝසි කරන්නේ හෝ නැතුව මේක උපයෝගී කර ගෙන මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගන්නවා. කොයි තරම් සමාජවාදී ආණ්ඩුවකට ගැලපෙනවද කියලා බරපතළ ප්‍රශ්නයක් තිබෙන බව සමන් රත්නප්‍රිය පවසයි .
මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියලා උද්ඝෝෂණය කරපු අය මේ පනත යටතේම මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට අරගෙන කටයුතු කරනවා . කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහත්මයා ප්‍රකාශ කරනවා එල්ටීටීය කියන්නේ තහනම් සංවිධානයක් .
එම තහනම් සංවිධානය ප්‍රවර්ධනය කිරීමක් ලෙස කටයුතු කරන්න බැහැ . නමුත් ඥාතීන් සමරන්න පුළුවන් . නමුත් අපිට තියෙන ප්රශ්නය ඥාතීන් සමරන්න ප්රභාකරන්ගේ ෆොටෝ එක ඕනිද කියලා. ඊළාම් කොඩිය ඕනිද? නියගලා මල ඕනද? සේරම දාගෙන තමයි සැමරුම සිද්ධ කළේ. දහස් ගණන් සහභාගි වෙලා. මේක දේශපාලනික මෙහෙයුමක් බවයි. ඔහු ප්‍රකාශකළේ