ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත්කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා . ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ යථාවත් කිරීම මගින් ද සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට හැකි බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවක දී. මේ අතර මේ දිනවල දෙස් විදෙස් සංචාරකයින්ගෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ පිරී ගොස් ඇති ආකාරය අපට වාර්තා වුණා. මේ අතර සංචාරකයින් විශාල ලෙස වැඩිවීමත් සමඟ ඇතැම් ස්ථානවල අනාරක්ෂිතව කටයුතු කරන ආකාරයද අපට වාර්තා වුණා. නුවරඑළිය කන්දෙඇළ ජලාශයේ සංචාරකයින් ආරක්ෂක කබා නැතිව බෝට්ටු සවාරිවල යෙදෙන ආකාරය දක්නට ලැබුනා.
Related Posts
සිගරට් සහ මත්පැන් මිල ඉහළට
සුරාබදු බද්ද ඉහළ දැමීමෙන් පසු 2025 ජනවාරි 11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සිගරට් මිල ඉහළ නංවා ඇති බව…
උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අසල්වැසි නිවසේ සිටි පුද්ගලයෙකුට පහර දීමේ චෝදනාව මත මේ වන විට රක්ෂිත බන්ධනගාර ගත…
විජේදාසත් දේශපාලනයෙන් සමුගනියිද?
ඔබට මතක ඇති මල්වත්තේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත් කිව්ව පහු ගිය ඇමති මණ්ඩලේ හිටපු කිසිම ඇමතිවරයෙක් සත පහකවත් වැඩක් කරේ…