විමල් යළිත් කරළියට

විමල් යළිත් කරළියට

ඡාතික නිදහස් පෙරමුණේ නව මූලස්ථානය අද පෙරවරුවේ බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ දී විවෘත කෙරුණේ ආගමික වතාවත්වලට මුල් තැන දෙමින්.එම අවස්ථාවට විමල් වීරවංශ මහතා ද එක්වුණා

“බලය තියෙන්නේ අතහැරීමට හෝ බෙදීමට නොවන බව අවධාරණය කරලා දෙන්න ඕන. බලය බෙදීම කියලා වචනයක් නෑ. මක්නිසාදයත් බෙදුනට පස්සේ බලයක් නෑ. බලය කියන්නේ බෙදන එකක් නෙවෙයි. ඒක විමධ්‍යගත කරන එකක් නෙවෙයි. බලය කියන්නේ වැඩි කරගන්න එකක්. සම්පත් හා සේවා තමයි බෙදාහරින්නේ. ඒක නිසා රට බෙදන්න බෑ. බලය බෙදන්න බෑ. රටත්, බලයත් කියන්නේ එකක්. ඒක මත සිට විහිදුවාහරිනු ලබන . ප්‍රභාවයන් විවිධ විය හැකියි සහ බෙදිය හැකියි..”

ඡේෂ්ඨ මහාචාර්ය පූඡ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි.

“විශේෂයෙන්ම අපිට පේනවා අලුත් අභියෝග ගණනාවකට රට මුහුණ දෙමින් ඉන්නේ. අලුතින් ගොඩනැගුණු පාලනය ඔවුන් ඡනතාවට දුන්නු අපේක්ෂා භංග කරමින් ඒ දුන්නු අපේක්ෂාවන්ට පටහැනි පැත්තට මේ රට ඇදගෙන යමින් තියෙන්නේ. ඒ ගමන වළක්වන්න ඕන. රටත්, ඡාතියත් වෙනුවෙන් අපි ඉතිහාසය පුරා ඉටු කරපු ඒ ඓතිහාසික භූමිකාව ඊටත් වඩා බලවත්ව නිවැරදිව ඉටු කරන්න ඕන. ඒ සඳහා මේ මූලස්ථාන කාර්යාලය නිසැක වශයෙන්ම සිය දහස් ගුණයකින් ඉවහල් වෙනවා. ප්‍රයෝඡනයට ගැනෙනවා.”

විමල් වීරවංශ – නායක – ඡාතික නිදහස් පෙරමුණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *