පවතින තත්වය තුළ විදුලි ගාස්තු 11% න් පමණ අඩුකළ හැකි බව මහඡන උපයෝගීතා කොමිසම පවසනවා. සිය ප්රතියෝඡනා කෙටුම්පත ඉදිරිපත් කරමින් එම කොමිසම පෙන්වා දෙන්නේ විදුලිය ඡනනයට යොදාගන්නා ඉන්ධන මිල ගණන්ද තවදුරටත් අඩු කළ හැකි තත්වයක පවතින බවට නිරීක්ෂණය වන බවයි.
මහඡන උපයෝගීතා කොමිසම සකස් කළ ප්රතියෝඡනා කෙටුම්පත පිළිබඳ මහඡන අදහස් විමසීම අද සිට ආරම්භ වෙනවා. අදාළ කෙටුම්පත සකස් කර ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු යෝඡනාව, ඛනිඡ තෙල් නීතිගත සංස්ථාව විදුලිය ඡනනයට ඉන්ධන නිකුත් කරන මිල පිළිබඳ වාර්තාව ඇතුළු කරුණු කිහිපයක් අධ්‍යනය කිරීමෙන් අනතුරුවයි.
ලිඛිත අදහස් බාර ගැනිම ඡනවාරි 08 දා දක්වා සිදුකරන අතර වාචික අදහස් දැක්වීම සැසි වාර 9 ක් ඔස්සේ පළාත් මට්ටමින් සිදු කිරීමට නියමිත බව මහඡන උපයෝගීතා කොමිසම පැවසුවා. යෝඡනාව පිළිබඳ ලිඛිත අදහස් info@pucsl.gov.lk යන ඊමේල් ලිපිනයට යොමු කළ හැකියි.
076 427 1030 වට්සැප් අංකයට යෝඡිත ගාස්තු පිළිබඳ ලිඛිතව අදහස් ඉදිරිපත් කළ හැකි බවද මහඡන උපයෝගිතා කොමිෂන් සභාව ඡනතාවට දැනුම් දෙනවා. එමෙන්ම, මහඡන උපයෝගීතා කොමිෂන් සභාව වෙත තැපැල් මඟින් ද යෝඡනා ඉදිරිපත් කළ හැකියි. කෙසේවෙතත් 2025 වර්ෂයේ මුල් මාස 6 සඳහා පවත්නා විදුලි ගාස්තු නොවෙනස්ව පවත්වා ගැනිමට විදුලි බල මණ්ඩලය මේ වන විට යෝඡනා කර තිබෙනවා.