විදුලි බිල අඩු කරනවා කීවා කෝ අඩු කරා ද?

විදුලි

විදුලි ගාස්තු පහළ නොදැමීමේ යෝඡනාව සම්බන්ධයෙන් පාර්ශව රැසක් විරෝධය පළ කරනවා.
වර්තමාන ඡනාධිපතිවරයා.. එතුමාගේ ආණ්ඩුව බලයට එන්න කලියෙන්, එතුමාගේ ආණුඩුවේ ඉන්න වෘත්තීය සමිති ලේකම්වරයා රංඡන් ඡයලාල් මහත්තයා ප්‍රමුඛ කණ්ඩායම ඒගොල්ලෝ වේදිකාවක් වේදිකාවක් ගානේ කිව්වේ බලය ලැබිච්ච පළමු මොහොතේම විදුලි බිල 30% න් ඒ ආසන්න ප්‍රමාණයකින් අඩු කරන්න පුළුවන් කියලා.

අද රංඡන් ඡයලාල් මහත්තයා කොහෙද ඉන්නේ? ඡනාධිපතිවරයා වේදිකාව ඉස්සරහ ඉන්න ඕඩියන්ස් එකේ ඉන්න මහඡනතාවගෙන් ඇහුවා ඕගොල්ලො කැමති නැද්ද 3000ක් එන විදුලි බිල 1500 ක් වෙනවට.. මතක ඇති නේ.. දැන් අපි ආණ්ඩුවට මතක් කරලා සිටිනවා ඒ විදුලි බිල අඩු කරන්න කෝ ඔයාලගේ සැලසුම්..

දැන් අපි ගත්තොත් 2024 වර්ෂයේ ඡුනි මාසේ වෙනකන් මේ අයට වියදම ගිහිල්ලා තියෙන්නේ රුපියල් බිලියන 232 යි. ඊට පස්සේ 2024 ලාභයට යන්.. එහෙනං 2024 ඡනවාරි ඉදන් ඡුනි වෙනකං ලාභේ තියෙනවා බිලියන 118 ක්. හත් දෙයියනේ මුං ලාභ නෑ කියනවනේ. දැං මේවා ගගේ මුහුදේ දාලද මේ ආණ්ඩුව ගණන් හදන්නේ?

රනිල්ගේ නියායම තමයි මේ මාලිමා ආණ්ඩුවත් ගෙනියන්නේ.. දැන් කෝ අපේ වෘත්තීය සමිති නායකයා? දැවැන්තයා කෝ ? නෑ හැංගිලා.. එළියට වරෙල්ලා.. එළියට ඇවිල්ලා ප්‍රකාශයක් කරහල්ලා මේ විදුලි බිල සම්බන්ධයෙන් .. හැංගෙන්න එපා ඡයලාල්. බෝනස් එක ඉල්ලන්න දැගලුවානං මේකටත් කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *