මේ කොමිසම මොකටද ඉන්නේ? කොමිසම නිර්දේශය ඉදිරිපත් කරනවා. අර පිටිපස්සෙන් වාතයක් යන ගානටවත් ගනන් ගන්නේ නෑ නේ. විදුලි බල මණ්ඩලය. අපි දන්නවා ලංකා ඛනිඡ තෙල් සංස්ථාව බිලියන 6 ක් 7ක් ලාභයක් මාසිකව ගන්නවා විදුලි පාරිභෝගිකයාගෙන් විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීමෙන්. දැන් එතනින්ම පුළුවන් වෙනවා 20% ක විතර සහනයක් දෙන්න.
මේ ගන්නා වූ ලාභය ගන්නේ විදුලි පාරිභෝගිකයාගේ බෙල්ල මිරිකලා. ඒ නිසා අපි තරයේ කියන්නේ 30% ක් 35% ක් අතර සහනයක් විදුලි පාරිභෝගිකයාට වහාම දෙන්න ඕන. වසන්ත සමරසිංහලා කෑ ගැහුවා.. මේ අයගෙන් අපි අහනවා..එතකොට විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති සගයගෙන් අපි අහනවා ..හැංගිලා ඉන්න සගයගෙන් අහනවා මේ සහන දෙන්න ඕන නැද්ද කියලා.
දැන් මේ විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ බලාගාරයෙන් විදුලිය ගන්නවා කියලා චෝදනාවක් එල්ල වෙනවා. මේ ගැන මොකද තියන අදහස?
මරු බඩුවක් නේ පත් කරලා තියෙන්නේ. දැන් මේ සභාපති හැටියට පත් කරලා තියෙන්නේ එච්.පී. නිරෝෂන්. දැන් මිනිහට කොම්පැණියක් තියනවා හොරු අල්ලන්න කියලා. නරියට කුකුල් කොටුව භාර දුන්න වගේ නේ. දැන් අලුත් සභාපතිතුමා ගල් අඟුරු මාෆියාවේ හිටපු කෙනෙක්. මේ සභාපතිතුමා එල් එන් ඡි යේ තමයි ගොඩක් යෝඡනා කරලා තියෙන්නේ
එල්. එන්. ඡි. අලුතින් හදන ඒවා නතර කරන්න.. කරලා තියෙන එල්.එන්.ඡි. ටික කරලා පෙන්නන්නකෝ ඉස්සෙල්ලා. මේ ආර්ථික ඝාතකයෝ ඉන්නවා මණ්ඩලයේ. දේශපාලඥයෝ විතරක් නෙවෙයි. ඒ නිසා මේ ආර්ථික ඝාතකයෝ ගැන අපි අනුර කුමාර ඡනාධිපති සහෝදරයට කියනවා වහාම හොයලා කෙටි කාලීන විසදුම් දීලා මේක සුද්ද කරන්න පටන් ගන්න.
සංඡිව ධම්මික – ලේකම් – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය