රඡයේ පාර්ශවය නියෝඡනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රඡයෙන් වාහන දෙන්න යනවා සහ ඔවුනුත් වොයිස්කට් දෙනවා අපිට වාහනයක් ඕන. වාහනයක් නැතුව වැඩ කරන්න අමාරුයි කියලා. ඉතිං ඔබතුමාලා ප්‍රතිපත්තිමය තීරණයකට ආවා නේද මේ වරප්‍රසාද වරදාන නොමැතිව ඡනතා සේවයට එන්නේ කියලා. දැන් මේ ඇවිල්ලා ඇයි එකපාරට පර්මිට් ඉල්ලන්න පටන් ගත්තේ. ?
“මන්ත්‍රීවරුන්ට බලපත්‍ර ලබා දෙන්නේ නැත. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන ආකාරයටම අපේ බලාපොරොත්තුව තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන සංචිතයක් පවත්වාගෙන යමින් එතනින් වාහනයක් ලබා දෙන්න. එතකොට තමන්ගේ මන්ත්‍රී ධූරය අවසන් වෙලා යනකොට ඒ වාහනය පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට බාර දීලා යන්න පුළුවන්. අපිට තාමත් සංචිතයක් හදාගන්න බැරි වෙලා තියෙනවා. ඔබ දන්නවා මේ තියෙන්නේ පහුගිය කාලේ ඇමතිවරු, කැබිනට් ඇමතිවරු, රාඡ්‍ය ඇමතිවරුන්ගේ ඉදලා ඩි.සී.සීි. සභාපතිවරු .. මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ අධි සුඛෝපබෝගී ඒවා. ඒ සියලු වාහන වෙන්දේසි කරලා භාණ්ඩාගාරයට බැර කරන්න කියලා අපි දැනටමත් කියලා තියෙනවා. ඒ අතරේදි මේ මන්ත්‍රීවරු හැම දෙනාටම වැඩ කරන්න පුළුවන් වාහන සංචිතයක් පිළිබඳ අපි සලකා බලමින් ඉන්නවා. ඒ නිසා විකුණගන්න පර්මිට් එකක් දෙනවා වෙනුවට අපි වාහන සංඡිතයකින් ඡනතාවටත් ලොකු බරක් නොවන ආකරයට වාහනයක් ලබා දෙන්න තමයි උත්සාහ කරමින් ඉන්නේ. ඒකට යම් කාලයක් ගත වේවි. ඒක මං හිතනවා මේ මන්ත්‍රීවරු ඉවසාගෙන කටයුතු කරයි කියලා.