දින 4 ක් පුරාවට ව්‍යාප්ත වෙමින් පවතින ඇමරිකාවේ පැසිපික් පැලිසේඩ් ලැව්ගිනි පාලනය කිරීමේ මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මකයි. මේ වනවිට කලාපයේ සක්‍රීයව පැවතෙන ලැව්ගිනි 5න් කිසිවක් සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට ගිනි නිවන අංශ මෙතෙක් සමත් වි නැහැ. ඒ අනුව ඇමරිකානු ඉතිහාසයේ දැවැන්තම ලැව්ගින්න ලෙස වාර්තා අතරට එක්ව ඇති මෙම ලැව්ගින්නෙන් මේ වනවිට මියගොස් ඇති පිරිස 11 ක්. ඉන් ගොඩනැගිලි 10,000 ට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති අතර මරණ ගණනද තව දුරටත් ඉහළ යාමේ අවධානමක් පවතිනවා. ලැව්ගිනි නිවීමේ මෙහෙයුම් අසීරු වීමට හේතු වී ඇත්තේ කලාපයේ පවතින සුළගේ වේගය සහ මේ වනවිට මතු වී ඇති ඡල හිගය යි. එමෙන්ම ඡල හිගයක් මතු වීමට හේතුව සොයා විශේෂ විමර්ෂණයක් ද ආරම්භ කරන ලෙස කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා උපදෙස් ලබාදී තිබෙනවා. මෙවන් පසුබිමක දකුණු කැලිෆෝනියාවට මහඡන හදිසි සෞඛ්‍ය තත්වයක්ද නිවේදනය කෙරුණා. ලැව්ගිනි සක්‍රීයව පවතින පෙදෙස්වලට රාත්‍රී කාලයේදී ඇදිරිනීතිය පැනවීමට බලධාරීන් පියවර ගෙන ඇත්තේ එම පෙදෙස්වලින් වාර්තා වන නිවාස කොල්ලකෑම් සැලකිල්ලට ගනිමින්. මේ අතර ලොස්ඇන්ඡලීස් ලැව් ගින්නෙන් අවතැන් වු පිරිස් වෙනුවෙන් පැසඩේනාහි ආහාර, ඇදුම් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදෙන දැවැන්ත ස්වේච්ඡා ආධාර මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා. එමෙන්ම රාඡකීය වරප්‍රසාද අත්හළ බ්‍රිතාන්‍ය හැරී කුමරු සහ මේගන් කුමරිය පැසඩේනා සම්මේලන මධ්‍යස්ථානයේ රැදි සිටින ලැව් ගින්නේ වින්දිතයන් හමුවුණා.
Related Posts
වසන්තා හඳපාන්ගොඩ අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකාවක් සහ ගුරු සංගමයේ සභාපතිනිය ලෙස කටයුතු කල වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මෙලෙස…
සීගිරිය රැක ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමු වේවා
සීගිරිය හැදින්වෙන්නේ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් මෙරට සුවිශේෂී දුර්ලභ බලකොටුවක් ලෙසින් . විදෙස් සංචාරකයන් විශාල පිරිසක් සීගිරිය නැරඹීමටත්…
නදීමාල් පෙරේරා රෝහලට යැවූ පහරදීම
ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් ගායන ශිල්පී නදීමාල් පෙරේරා ට පහර දුන් බව කියන මොරටුව ප්‍රදේශයේ පුද්ගලයකු පානදුර උතුර…