අනුරාධපුර දිස්ත්රික් ගොවි කමිටු රැස්වීම අද පැවැත්වුණේ ප්රදේශයේ ගොවි නියෝජිතයින් රාජ්ය නිලධාරීන් ඇතුළු පිරිසකගේ ප්රධානත්වයෙන්.
කුඹුරු ගොඩ කිරීම සිදු නොවන ලෙස අණ පනත් වෙනස් කරන්නයි නුවර වැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති රත්ගම සමිත හිමියන් මෙහිදී කෘෂිකර්ම ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කළා .
පනත රටේම කෘෂිකර්මාන්තයට ලොකු හානියක්. මේ ඕනි තරම් ගොඩකරන්න අවසර දෙන්න පුළුවන් විදියට මේ පනත හදලා තිබෙනවා.
ලාල්කාන්ත මහත්තයා තමයි කෘෂිකර්ම ඇමතිතුමා හැටියටට පත්වෙලා තියෙන්නේ. එතුමගෙන් ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මෙන්න මේ පනත හැකි ඉක්මනින් අයින් කරන්න කියලා.
පනත අපේ කෘෂිකර්මාන්තය වළලා තබන්න හදාගත්ත පනතක් . මේ අතර පොහොර සහනාධාර නොලැබීම සම්බන්ධයෙන්ද ගොවීන් ප්රශ්න කළා.