රාඡ්‍ය සේවයේ පුරප්පාඩු 30,000 ක්

jobs

රාඡ්‍ය සේවයේ පුරප්පාඩු 30,000 ක් පමණ ඇති බවත්, ඊට සුදුස්සන් ගන්නට උත්සාහ කරමින් සිටින බවත් වාර්තා වෙනවා. ඊට අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි අයවැය ලේඛනයෙන් සම්පාදනය කරන අතර ඉදිරි කාලයේදී රාඡ්‍ය සේවය ඒකාබද්ධ රාඡ්‍ය සේවයක් ලෙස නව ක්‍රමයකට පවත්වාගෙන යාමට උත්සාහ දරමින් සිටිනවා. ආරක්ෂක හමුදා සේවයට තරුණ තරුණියන් බදවා ගැනීමේදී මින් ඉදිරියට උගත්කම මෙන්ම ඔවුන්ගේ විනය සහ හැසිරීම් රටාව පිළිබඳව දැඩි ලෙස විමර්ෂණය කරන බව යුධ හමුදාපති මේඡර් ඡෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා සඳහන් කරනවා. මෑත භාගයේ සිට හමුදා නිලධාරීන්ගේ විනය මෙන්ම ඔවුන්ගේ ක්‍රියා කලාප පිළිබඳව පැහැදීමට නොහැකි තත්වයකට පත් වී සිටින නිසා හමුදා සේවයට තරුණ තරුණියන් බඳවා ගැනීමේදී ඔවුන්ගේ විනය මෙන්ම හැසිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරන බව හමුදාපතිවරයා අවධාරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *