අපරාධපරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ලබන 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ අද පස්වරුවේ අලුත්කඩේ මහේස්ත්රාත් පවිත්රා සංජීවනී මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රත්මනාලේ සිරිමල් ප්රදේශයේ පිහිටි රුපියල් මිලියන 34 වටිනා නිවසක් සහ ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධි කරණය වැළක්වීමේ පනත යටතේ සිදු කරන ලද පරීක්ෂණයකට අදාළව යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනුනා.