යන්න කිව්වොත් යනවා ජනාධිපතිට ඒ ගෞරවය දෙන්න ඕනේ

යන්න කිව්වොත් යනවා ජනාධිපතිට ඒ ගෞරවය දෙන්න ඕනේ

“තාම ලිවුම ආවේ නෑ. මං දැක්කා ජනාධිපතිතුමා කියලා තිබුණා ගේ ලොකු වැඩියි පොඩි ගෙයක් දෙනවා කියලා.. ඉතිං එක වෙලාවක කියනවා ඇදලා එළියට දානවා කියලා. මං හිතන්නේ ආණ්ඩුව එක  තීන්දුවක අරගෙන කැබිනට් අනුමැතියක් අරන් එව්වොත් හොදයි. “

“පිරිත් සජ්ජායනා එහෙමත් ඇහෙනවා?”

” එහෙමයි. මේ ගෙවල් අපි ඉන්න තැන්වල හැමදාම අපි පිරිත් කියනවා ආගමික වතාවත්වල කරනවා. ඉතිං ඒක අපේ ජීවිතේ සාමාන්‍ය දෙයක්. සමහරුන්ට ඒක අසාමාන්‍ය දෙයක්.”

“ඒ කියන්නේ ඉවත් වෙන්න වුනොත් ඔබතුමන්ලා සූදානම් ද?”

“අනේ ඔව්. මං එදත් කිවුවා මේ මහින්ද රාජපක්ෂ.
ඉතිං ඒ හින්දා අනුර කුමාර ජනාධිපතිතුමාට මේක කාටහරි විකුණන්න ඕනනම් එතුමා කිව්වා නේ මේ ගෙවල් දෙනවා කියලා පෞද්ගලික අංශයට.  ඉතිං කවුරුහරි ඉල්ලලා ඇති. එහෙම විකුණන්න අවශ්‍යතාවක් තියෙනවානම්, කැබිනට් අනුමැතියක් අරන් එවන්න පුලුවන්.”

” ඒ වගේම අපි දැක්කා සදහන් කරලා තිබුනා මේ ජනතාව අමාරුවෙන් ඉන්න වෙලාවේ කෝටි ගාණක් වියදම් කරලා අලුත්වැඩියා කරලා තිබුනා කියලා”

“නොයෙක් අය නොයෙක් කතා කියනවා. හැබැයි ඉතිං මේ ආණ්ඩුවේ මුදල් වියදම් කරලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාල්ටන් නිවස හදාගෙන තියනවානම් ප්‍රශ්නයක්. හැබැයි මේක ආණ්ඩුවේ නිවසක්. මේක පාලනය කරන්නේ ආණ්ඩුවෙන්. නඩත්තු කරන්නේ ආණ්ඩුවෙන්. ඉතිං ඒ හින්දා ඒක ගැන කවුරුවත් කලබල වෙන්න ඕන නෑ. ජනාධිපතිතුමාට පුලුවන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අරන් ලියුමක් එවලා එක්කො වෙන ගෙයක් දෙන්න. එහෙම නැත්තං යන්න කියන්න. යන්න කිවුවත් අපි යනවා. වෙන ගෙයක් දෙනවා කිවුවොත් ඒ පිලිබදව අපි සලකා බලන්නම්.”

” ඒ කියන්නේ සැලෙන්නෑ. කෙදිගාන්නෙම නෑ.?”

” හරි අමාරුයි සලවන්න. මං ඕකට උත්තරයක් දුන්නොත් අතිගරු ජනාධිපතිතුමාගේ හිත රිදෙනවා. කෙදිරිගාන එක ගැන මං උත්තරක් දුන්නොත් ජනාධිපතිතුමාගේ හිත රිදෙනවා. ඉතිං මොනවා උනත් එතුමා මේ රටේ විධායක  ජනාධිපති. ඒ ගෞරවය අපි දෙන්න ඕන.”

නාමල් රාජපක්ෂ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *