“2014 අනුර ප්‍රියදර්ශන යාපා හිටපු අමාත්‍යතුමාට ගංවතුර කාලේ ආධාරයක් බෙදුවා කියලා තමයි අත්අඩංගුවට අරන් තියෙන්නේ. ඒ හින්දා දැන් ගංවතුර ආධාර බෙදීම පිළිබඳවත් දැන් දේශපාලනික වශයෙන් මෙවැනි තීන්දු තමයි පොලීසිය ගන්නේ. රෑට ගෙදරට ඇවිල්ලා අර මහා මංකොල්ලකාරයෙක් අරන් යනවා වගේ අරන් ගිහිල්ලා සී.අයි.ඩී. එකේ දවසක් තියාගෙන උදේ එළි වෙනකං කටඋත්තර අරගෙන උසාවියට ඉදිරිපත් කරන්න..මේක තමයි දේශපාලනික දඩයම කියන්නේ. හැබැයි ඉතිං මේකට තමයි මෙයාලා වෙනස කියලා කියන්නේ. හැබැයි අපි පැහැදිලිව කියනවා අපේ ආණ්ඩුවක් තුළ ඉදිරියේදි අපි ඒ දේශපාලන දඩයම අවසන් කරනවා.”
“මේ අවුරුදු 11, 12 ක් පරණ නඩු. ඉතිං ඉතාමත් නිවැරදිව මහේස්ත්රාත්තුමා ඒ කාරණා විමසුවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. කොතරම් කාලයක් ගිහින් තියෙනවද? එතකොට සාමාන්‍යයෙන් පුද්ගල දේපළ පනත යටතේ ඒ.එස්.පී. කෙනෙක්ගේ වාර්තාවක් දාන්න ඕන. මේකේ වාර්තාවක් දාලා නෑ. වාර්තාව අද දානවලු. ඒ එක්කම මේ විමර්ෂණ අවසන් වෙලා තියෙන්නේ. මේ සැකකරුවෝ පරීක්ෂණවලට බාධා කරනවා කියලා ගැටළු කියන් එන්නෙත් නෑ. ඇප තියලා ආපහු වරදවල් කරනවා කියලා එලි වෙන්නෙත් නෑ. මහඡන කැලඹිමකුත් නැ. හැබැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියනවා රිමාන්ඩ් කරන්නලු. ඉතිං විනිශ්චකාරවරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සීල් එකක් වෙන්නේ නෑ කවදාවත්. තමන්ට විරුද්ධ මත දරන අය දඩයම ආරම්භ කරලා තියෙන්නේ. මම ආණ්ඩුවට කියනවා දශක ගණන් යල්පැනගිය කාරණා ඇදලා විහිළු සපයන්න එපා. “