“ඉස්සර කරත්ත ගියපු පාර, පොඩි ටැක්ටරේ ගියපු පාර, මහ ටැක්ටරේ ගියපු වලවල් සහිත පාර හෙල්ලෙන්නෙ නැතිව ඇවිදින්න පුළුවන් කාපට් එක ගම ඇතුළට දාලා දුන්නේ කවුද? “
“මහින්ද මහත්තයා”
“අද ට්‍රැක්ටරේට, බයිසිකලේට, ත්‍රීවිල් එකට හෙල්ලෙන් නැතුව යන්න පුළුවන් කාපට් එක දැම්මෙ කවුද?”
“ඉස්සර කුප්පිලාම්පුවෙන් දරුවො පාඩම් කරන යුගය අවසන් කරලා විදුලි බුබුලෙන් පාඩම් කරන යුගය හදන්න විදුලිය දන්නේ කවුද?”
“මහින්ද මහත්තයා”
පෝර ටික නිකන් දුන්නේ මහින්ද මහත්තයා. වැව් අමුණු ටික හැදුවේ මහින්ද මහත්තයා. පාසලේ විද්‍යෝදය විද්‍යාගාරය හැදුවේ මහින්ද මහත්තයා. මහින්ද මහත්තයා තමයි මේ සියල්ලම කරලා අනුරාධපුරේට මිනී එන යුගය නතර කරලා යුද්ධේ නැවැත්තුවේ. ඒ නිසා තමයි මහින්ද රාඡපක්ෂ සංස්කෘතියක් කියන්නේ. මහින්ද රාඡපක්ෂ ගමත් එක්ක බැදුනා කියන්නේ.
මහින්ද රාඡපක්ෂට ආදරය කරන මිනිස්සු තාම ගමේ ඉන්නවා. ඒ නිසා ගමින් ගමට කියන වැඩසටහන අපි නිර්මාණය කරගත්තේ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි රාඡපක්ෂලාට සහ පොහොට්ටුවට ආදරය කරන කළගුණ දත් ඡනතාව තාමත් ගමේ අපිත් එක්ක ඉන්නවා කියලා පෙන්නන්න තමයි ගමින් ගමට වැඩසටහන නාමල් රාඡපක්ෂ මැතිතුමා ආරම්භ කළේ.
මේ වැඩසටහනේ සමාරම්භක උළෙල මේ ගමට, අනුරාධපුර දිස්ත්‍රික්කයට ලැබීමම මහින්ද රාඡපක්ෂට, පොහොට්ටුවට ආදරය කරන ඔබට ලැබුණු තෑග්ගක් හැටියටයි අද දවස අපි දකින්නේ. මහින්ද රාඡපක්ෂ මැතිතුමා නැතිවුණාට පුතා ඇවිල්ලා ඉන්නේ. ශෂින්ද්‍ර රාඡපක්ෂ මැතිතුමා ඇවිල්ලා ඉන්නේ. හැමදාම රූපවාහිනියේ දකින ඡෝන්ස්ටන් ඇමතිතුමා ඇවිල්ලා ඉන්නේ. රූපවාහිනියේ දකින සංඡිව එදිරිමාන්න ඇවිල්ලා ඉන්නේ. කොහොමද අපි ගමෙන් නැවත මේ වැඩේ පටන් ගන්නේ. ගමේ ශක්තිය හැදුනු දවසට ගම්මාන ටික එකතු වෙලා නගරේ ශක්තිය හැදෙනවා. ඒ කාලේ මේ කුඹුරුවල තිබුණු වී මිල නෙවෙයි දැන් තියෙන්නේ. මහින්ද මහත්තයලාගේ ආණ්ඩුවේ වී ටික ගෙනිහින් ගබඩා කළේ කොහෙද? ගුවන් තොටුපලේ. එහෙම ස්වයංපෝෂිත රටක් මහින්ද මහත්තයා භාර දුන්නේ…..
අපි ඔබට අවස්ථාව දෙනවා සුහදශීලීව මේ නායකයෝ එක්ක කතා කරන්න. ප්‍රශ්න හැමදාම තියෙනවා අපිට. ගමත් එක්ක බැදුණු ඒ සුන්දරත්වයත් එක්ක රාඡපක්ෂවරුත් එක්ක බැදුණු බැදීම සුහදශීලීව මේ නායකයො එක්ක කතා කරලා වැඩ කටයුතු කරන්න කියලා ඉල්ලීම කරමින් නිහඩ වෙනවා.”