මෝල් හිමියන් ඉදිරියේ ආණ්ඩුව දණ ගහයි

මෝල්

පාර්ලිමේන්තුවේ 159 ක මහා ජන වරමක් සහිත ආණ්ඩුවක්. තාම බැරිවුනා මහා මෝල් හිමියන් දණ ගස්සලා මේ වැඩේ කරන්න. දැන් ඔය ආණ්ඩුවට උදව් කරපු මහා පරිමාණ මෝල් හිමියෝ ළගට යන්න ආණ්ඩුව බයයි .

මහා පරිමාණ හිමියෝ තමයි මේ ආණ්ඩුව හදන්න මුල්‍යම දායකත්වය දුන්නේ . මේ ආණ්ඩුවත් මහා මෝල් හිමියෝ ඉස්සරහ දණ ගහපු දණ ගහන ආණ්ඩුවක්.

මොකද අනුර කුමාර ජනාධිපතිවරයා ද ඒ කාලේ කිව්වේ හාල් පිට රටින් ගෙන්වන්නම් මොකටද ආණ්ඩුවක්. සුනිල් හදුන්නෙත්ති ඒ කාලේ කිවේ අපි හිටියනම් එක පෑන් පහරෙන් සහල් ආනයනය කරන එක නවත්වනවා කියල . නැවැත්තුව ද? කෝ .

අපි කියන්නෙත් ඔබ තුමාලා ඉස්සර කිව වගේ මේක කර ගන්න බැරි නම් ආණ්ඩුවක් මක්කටෙයි..

අනුරාධ තෙන්නකෝන් – සභාපති – ජාතික ගොවිජන එකමුතුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *