මහා බැංකු අධිපති අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග

මහා බැංකු අධිපති අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග

හිටපු මහ බැංකු අධිපති අර්ඡුන් මහේන්ද්‍රන් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ අඡාන් ගාර්ධීය පුංචිහේවා යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද විවෘත නියෝගයක් නිකුත් කළා. වරෙන්තුව නිකුත් කළේ 2015 වසරේ පෙබරවාරි 27 දා සිදු වූ මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවට අදාළවයි.

සැකකරුවන් දෙදෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබියදී ඔවුන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා විසින් මෙලෙස වරෙන්තු නිකුත් කළා.

බැදුම්කර මිලදීගැනීම් මඟින් රඡයට රුපියල් මිලියන 600 ක ට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් 6 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණා. මෙම නඩුවේ සැකකරුවෙකු වන අර්ඡුන් ඇලෝසියස් ද ඉදිරි නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *