නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කරුණු රැසක් අනාවරණය වූ පසුබිමක නැවත දැනුම් දෙන තුරු කිසිදු සුරාබදු බලපත්‍රයක් නිකුත් නොකරන ලෙස ජනපති අනුර කුමාර දිසානායක මහතා සුරාබදු දෙපාර්තුමේන්තුවට නියෝග කර තිබෙනවා.
ජනාධිපතිවරයා සහ සුරාබදු දෙපාර්තුමේන්තු නිලධාරීන් අතර විශේෂ සාකච්චාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුනේ එවන් පසු බිමකයි . සුරාබදු දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් සෑම විටම නිත්‍යානුකුලව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් නිසි වෙලාවට බදු අය කර ගැනීමට පියවර ගත යුතු බවත් ජනාධිපතිවරයා එහෙදි පවසා තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ සුරාබදු අය කර ගැනීමේ අපහසුතා මෙන්ම එහිදී සිදු වන අක්‍රමිකතා පිළිබදව හා බදු නොගෙවන ආයතන වල බලපත්‍ර තහනම් කිරීම වැනි නව ක්‍රම වේද සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්චාවට ලක් වූ බවයි.
මේ අතර මාසිකව ගෙවිය යුතු අධි භාරය වන රුපියල් බිලියන 5.7 ක මුදල ගෙවීම පහර හැරීම නිසා W .M මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කරා.
එකී බදු මුදල් සහ අධිභාරය තවදුරටත් ගෙවීම පහර හරිමින් සිටින්නේ නම් එම සමාගමට නිකුත් කර ඇති සියලුම සුරා බදු මත්පැන් බලපත්‍ර 2024.12.31 වැනි දායින් පසු දීර්ඝ නොකිරීමට ද සුරාබදු දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබේ.
එවන් පසු බිමක වැලිසර පිහිටි මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදනාගාරයකට මුද්‍රා තැබුණා.