රාගම පොලීසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් තිදෙනෙකුට තර්ඡනය කර පළා ගිය පුද්ගලයෙකුට අයත් අනන්‍යතාව තහවුරු කරගැනීමට නොහැකි වූ බෙන්ස් රථයක්, ඡිප් රථ 3 ක් ඇතුළු කෝටි 12 ට ආසන්න වටිනාකමකින් යුතු වාහන 5ක් රාගම පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. ගලහිටියාව ප්‍රදේශයේ පිහිටි අදාළ පුද්ගලයාගේ නිවසට ගොස් කළ පරීක්ෂාවේදී මෙම සුඛෝපභෝගී වාහන පොලිස් භාරයට ගෙන ඇති අතර එම අවස්ථාවේ කලහකාරී ලෙස හැසිරුණු නිවෙස් හිමියා, ඔහුගේ බිරිද සහ රියදුරෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.
Related Posts
රනිල් වික්‍රමසිංහ බාර පර්මිට් චෝදනාවට පිළිතුරු දෙයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව සුරා බදු බලපත්‍ර 361 නිකුත් කර ඇති අතර ඉන් 172 ක්ම දේශපාලන අල්ලස් ලෙස…
විදුලි ගාස්තු අඩු කරන්න තව කල් අවශ්‍යයි
විදුලි ගාස්තු අඩු කිරීම සදහා තවත් සුළු කාලයක් අවශ්‍ය බව වාර්තා වනවා. අදාළ දත්ත ඉදිරිපත් කිරීම සදහා විදුලි බලමණ්ඩලයට සති…
බස් ත්‍රීවිල් වෙනුවෙන් රංජිත් මද්දුමබණ්ඩාර හිට ගනී
“මේ රටේ ඡනතාව බලාපොරොත්තු වුණේ දූෂණය, වංචාව, හොරකම වළක්වන දඩුවම් දෙන රටක් නිර්මාණය කරන්නයි ඡන්දේ දුන්නේ. නැතුව මේ බස් වල තියෙන…