සිය ප්‍රතිරූපයට හානි වන අයුරින් සමාජමාධ්‍ය පළ කර ඇති සටහනක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක අපරාධ විමර්ශන ඒකකයට කරන ලද පැමිණිල්ලකට අදාළව ඇය විසින් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.
නාමල් රාජපක්ෂ ( නීතිඥ ) –
පසු ගිය දින කිහිපය තුළ මුහුණු පොතේ සංසරණය වුනා ඉතාමත් අසභ්‍ය ආකාරයේ පෝස්ට් එකක් . මේ මන්ත්‍රීතුමිය සම්බන්ධයෙන්. ඒ කියන්නේ බංකොලොත් වූ දේශපාලන ක්රියාකාරියේක් වන පොදුජන පෙරමුණ දේශපාලන ක්‍රියාකාරිකයෙක් මේ මන්ත්‍රීතුමියත් සමග යම් යම් නවාතැන් පොළොවට ගිය බවට සඳහන් කරමින් ඉතාමත්ම අසත්‍ය ඒ වගේම දේශපාලන වශයෙන් බංකොල්ලොත් වෙච්ච අය දේශපාලන ප්‍රතිරෝධ බිදවීම සඳහා කරන ලද ප්‍රකාශයක් ෆේස්බුක් වල සංසරණය වනවා. එයා කියල තියෙන්නෙ එයත් එක්ක යම් යම් අවස්ථාවක හෝටලයකට ගමන් කළා කියල ඒක තමයි සඳහන් කරලා තියෙන්නේ. එතකොට ඒක තනිකරම අසත්‍යක් .මොකද හේතුව මුදල් වලට ගණිකා වෘත්තියේ යෙදුනා හා සමාන කතාවක් කියලා තියෙන්නේ. එතකොට මෙහෙම තියෙනවා. ඒ කියන්නේ කොන්කෝඩ් හෝටලයට රුපැල් විසි දාහකට මුදල් වලට ගියා කියලා. කවදාකවත් වෙන්න පුළුවන් වැඩක් නෙමෙයි කියන එක නිලන්ති කොට්ටහච්චි මහත්මියගේ ස්ථාවරය.