ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා නුවරට පැමිණ දළදා වහන්සේ වැඳ පුදා ගත්තා. එහිදී අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා…
අපට සැලැස්මක් තිබ්බා . අපි ඒ ප්ලෑන් එකට ගියා. එක් සාර්ථක වුනා. අපිට යම් ආසන ප්‍රමාණයක් ඉතා සුළු චන්ද ප්‍රමාණයකින් මග හැරුනා. එකත් ආව නම් හොදයි. මං හිතනවා මේක හොද ආරම්භයක්.
මේ ආණ්ඩුව දීපු පොරොන්දු මාලාව ඉෂ්ට කරනවා ද? නැද්ද ? කියන කාරණාව පිළිබදව සැබෑ විපක්ෂය ලෙස අපි කටයුතු කරනවා. අසීමිත බලයක් ලැබුන සෑම ආණ්ඩුවක්ම කෙටි කාලෙන් වැටිලා තිබෙනවා.
ඒ සියල්ලෙන්ම පාඩම් ඉගෙන ගෙන රටේ දේශපාලන ස්ථාවරත්වය වෙනුවෙන් කටයුතු කරයි කියල ඔහු සිතන බවත් ප්‍රකාශ කළා.
මාධ්‍යවේදීන්ට අදහස් දැක්වීමෙන් අනතුරුව ඒ මහතා අස්ගිරි මහානායක හිමියන්ගේ ආශීර්වාදය ලබා ගත්තා.