තානාපතිවරු සහ මහකොමසාරිස්වරු 18ක් යළි කැඳවයි

තානාපතිවරු

දේශපාලන පත්වීම් ලැබූ තානාපතිවරු හා මහකොමසාරිස්වරු 18 දෙනෙකු මේ වනවිට යළි කැඳවා ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසනවා.

නියෝඡ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ විදේශ සේවය කාර්යක්ෂම හා ඵලදායී සේවයක් බවට පත් කිරීමේ නව රඡයේ දැක්ම අනුව ඔවුන් කැදවූ බවයි. කෙසේවෙතත්, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන මහින්ද සමරසිංහ මහතා තවදුරටත් එම තනතුරේ කටයුතු කරන බව ද ඔහු කියා සිටියා. නියෝඡ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ දේශපාලන බලපෑම්වලින් තොර රාඡ්‍ය සේවාවක් ඇති කිරීමට වත්මන් රඡය කැපවන බවයි.

“තානාපති කාර්යාල, මහකොමසාරිස් කාර්යාලවල හිටපු මහකොමසාරිස්වරු, තානාපතිවරු 18 දෙනෙක් මේ වෙනකොට ලංකාවට කැදවලා තියෙනවා. විශේෂයෙන් දේශපාලන පත්වීම් විදියට පත් කරපු අය.. තව ගත්තොත් Non Career Diplomatic officers කියලා ඉන්නවා. එයාල රාඡ්‍ය ත්‍රාන්ත්‍රික සේවාවට ඇතුළත් වන අය නෙවෙයි. නමුත් උප කාර්යාලවල පත්වීම් විදියට ලංකාවෙන් යවපු අය. එහෙම ගත්තොත් මේ වෙනකොට 15 දෙනෙක් ලංකාවට යළි කැදවලා තියෙනවා. විශේෂයෙන් මෙතන විදේශ සේවාවට අදාළව යම්කිසි ක්‍රියාපටිපාටියක් තියෙනවා.

ඇත්තටම ගත්තොත් මේ තනතුරු නැත්තන් මේ වගකිම් ගත්තොත් එහෙම දැවැන්තයි. රට වෙනුවෙන් ලොකු සේවයක් කරන්න පුළුවන් තනතුරු තමයි මේවා. මේවට සුදුසු පුද්ගලයින්ව පත් කරගන්න ඕන. ලොකු වගකිමක් එයාලට භාර දෙනවා. රටේ ආර්ථිකයට ලොකු පංගුවක් මේ තානාපති, මහකොමසාරිස්වරුන් විසින් ලබා දෙන්න පුළුවන්. ඉතිං එහෙම ගත්තොත් මේක ඉතාමත් වැදගත් විශේෂයි. ඉතාමත් කනගාටුයි පසුගිය කාල වකවානු තුළ බොහෝ පත්විම් ගත්තොත් ඉතාමත් දේශපාලනිකයි. ඡනතාව අපිට ළුන වරම ලබා දුන්නේ ඇත්තටම මේ වෙනස්කම් ටික ඇති කරගන්න.”

අරුන් හේමචන්ද්‍රවිදේශ කටයුතු හා විදේශ රැකියා නියෝඡ්‍ය අමාත්‍ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *