කඹුරුපිටියේදී ගුරුවරියක් ඝාතනය වෙයි

කඹුරුපිටියේදී ගුරුවරියක් ඝාතනය වෙයි

කඹුරුපිටිය ප්‍රදේශයේ 34 හැවිරිදි අවිවාහක ගුරුවරියක් අද අලුයම තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා. ඉඩම් අරවුලක් මෙම ඝාතනයට හේතුවන්නට ඇති බවයි පොලීසිය පවසන්නේ. ඇයගේ නිවස තුලදී ඝාතනය සිදුව ඇති අතර නිවසේ මේසයක් මත තිබී ලේ තැවරුණු ලිපියක්ද පොලීසියට හමුව තිබෙනවා. එය ඇයගේ මව පොලීසිය වෙත ලියන ලදදක් බවටයි සැක පල කෙරෙන්නේ. එහි සදහන්ව තිබුණේ තමා සිය දියණිය ඝාතනය කළ බවයි. දියණියගෙන් තමාට කරදර සිදු වූ බවත් ඇය අධික තන්හාව මත දේපල ඉල්ලා වසර 14 ක් රණ්ඩු කළ බවත් එම ලිපියේ සදහන්. මවගේ ගෙල මිරිකීමට දියණිය පැමිණි නිසා ඇය ඝාතනය කළ බවද එම ලිපියේ දැක්වෙනවා. තමන් තම දියණියගේ  පහරකෑමට ලක් වූ බවත් තව දුරටත් එය දරාගත නොහැකි බවත් එම ලිපියේ සදහන් වෙනවා. මේ අතර ඝාතනයට ලක් වූ දියණියගේ මව ඖෂධ වර්ගයක් අධි මාත්‍රාවෙන් ගෙන දිවි නසා ගැනීමට උත්සාහ කළ බවයි වාර්තා වන්නේ. ඇය මේ වනවිට කඹුරුපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *