කථානායක අසෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධිය පිළිබඳව ප්රශ්නය මුලින්ම මතු වුනේ ඔහු සත්‍ය වශයෙන්ම රසායන විද්‍යාව පිළිබඳ උපාධියක් මොරටුව විශ්ව විද්‍යාලයෙන් ලබාගෙන ඇත් ද යන්න පිළිබඳව රඡරට විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම විශ්ව විද්‍යාලයෙන් විමසීමත් සමඟයි.
රන්වල මහතා ඡපානයේ විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධියක් ලැබූවෙකු බව ඔහු පිළිබඳව ලේඛනවල ඇතුළත් වුවද එය සනාථ කරීමට අදාළ ලේඛන කිසිවක් සොයාගැනීමට නොහැකි වූ තැන තමන් එම පියවර ගත් බවයි ඔහු පැවසුවේ. රඡරට විශ්ව විද්‍යාලයේ අදාළ ආචාර්යවරයාගේ එම ඉල්ලීමත් සමඟ එය පසුගිය දිනවල සමාඡ මාධ්‍යයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වුනා.
මේ අතර පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේද අසෝක රන්වල මහතාගේ නම ආචාර්ය අසෝක රන්වල ලෙස මුලින් සඳහන් කළත්, පසුව එම ආචාර්ය යන යෙදුම ඉවත් කර අසෝක රන්වල යන නම පමණක් යෙදීමට පටන් ගත්තා. එම සිද්ධියත් සමඟ අසෝක රන්වල මහතාගේ මූලික උපාධිය සහ ආචාර්ය උපාධිය පිළිබඳ දේශපාලන වේදිකාවේද කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
“ කථානායකතුමාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේම වෙබ් සයිට් එකෙන් ගලවලා තියනවා.
මං අහන්නේ මිනිස්සු අධ්‍යාපනය ලබනවා, ලබන්න බැරි වෙනවා. අපිට ඒවා ගැටළුවක් නැහැ. අපි ගරහන්න යන්නේ නැහැ. නමුත් බොරු කියන්න එපා. ඇයි ආචාර්ය උපාධියක් නැති කෙනෙක් ආචාර්ය උපාධියක් තියනවා කියලා මේ බොරු සමාඡගත කරලා කථානායක ධුරයට විශාල අගෞරවයක්.
මං හිතන්නේ වඩාත් සුදුසුම දේ තමයි අද ඔප්පු වෙලා තියෙන තත්වය තුළ හරි කථානායකතුමා කරුණාකරලා තමන්ගේ ධූරයෙන් ඉල්ලා අස්වෙලා නව කතානාකවරයෙක්ට යන එක”
නීතීඥ ප්‍රේමනාත් සී. දොළවත්ත – හිටපු පා.ම. – නව ප්‍රඡාතන්ත්‍රවාදී පෙරමුණ
“ඉතිං ඔතොන හරි සරල කාරණයක් තියෙන්නේ එතුමාට. එතුමා මොරටුව විශ්ව විද්‍යාලයේ හිටියේ කවදා ද, මොකද්ද ගත්ත උපාධිය, වර්ෂය ගැන කියන්න පුළුවන්. වර්සෙලා විශ්ව විද්‍යාලයෙනුත් ආචාර්ය උපාධිය ගත්තේ කවද්ද කියලා කිව්වා නම් ඔතනින් ඔය ප්‍රශ්නේ ඉවරයි. හැබැයි උපාධි සහතික කියන විදියට තිබ්බේ නැත්තං තමයි ප්‍රශ්නේ තිනේනේ. කථානායක කියන්නේ ලංකාවේ තුන්වෙනි පුරවැසියා. තුන්වෙනි පුරවැසියා බොරු නොකියන කෙනෙක් විය යුුතුයි.”
ආශු මාරසිංහ – හිටපු පා.ම. එක්සත් ඡාතික පක්ෂය
“ආණ්ඩුවේ ඉහළම තැනක ඉන්න ඉහළම පුටුවක ඉන්න පුද්ගලයෙක් තමන්ගේ උපාධි සහතිකයටත් බොරු කරලා තියනවා කියලා අද එහෙන් මෙහෙන් එළියට එනවා. ඒකනං මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඊට පහළින් ඉන්න කට්ටිය ගැන කවර කතා ද? එකක් කඩතොලු වසාගන්නට ගොසින් මට වුණු කාරියක් දෙකක් කඩතොලු හදාදුන්නයි කම්මලේ ආචාරියා කියලා කියන්න වගේ දැන් ඉහළම තැනක ඉන්න ආචාරියෙක් කඩතොලු දෙකක් හදලා දීලා තියනවා.”
බන්දුලලාල් බණ්ඩාරිගොඩ – හිටපු පා.ම. – සමගි ඡන බලවේගය
කථානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් යම් පාර්ශවයක් මේ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලුවම ආචාර්ය උපාධිය ගත්තා කියලා සනාථ කළ හැකි කිසිවක් මේ දක්වා ඉදිරිපත් කරලා නැහැ සහ පාර්ලිමේන්තු වෙබ් අඩවියෙනුත් මං හිතන්නේ මේ වෙනකොට අයින් කරලා තියෙන්නේ ආචාර්ය කියන කෑල්ල.. මේ සම්බන්ධයෙන්.. ව්‍යවස්ථාවේ ඉදලා ආචාර්ය කියලා එහෙමනේ කථානායකවරයා දිවුරුම් දීලා නේ මේක පටන් ගන්නේ..එතකොට මේක බරපතළ කාරණයක් විදියට ඔබතුමාට, රඡයට පෙන්නේ නැද්ද ? මොකද්ද මේකේ ඇත්ත තත්වය.. ආචාර්ය උපාධියක් තියනවද? නැද්ද?
“කථානායකවරයා මේ සම්බන්ධයෙන් ඉතාම පැහැදිලි ප්‍රකාශයක් තව දින කිහිපයකින් සිදු කරාවි. අපි ඒ ගැන බලාගෙන ඉන්නේ ඉතිං.. මම හිතන්නේ අපි ඒ අයටත් පොඩි අවස්ථාවක් දෙන්න ඕන.. එක එක දේවල් කිය කිය ඉන්න. නේද?.. මේ දවස්වල ඕක තමයි ඒගොල්ලන්ගේ ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් ඉතා වගකීම් සහගත ප්‍රකාශයක් කථානායකවරයාගේ පැත්තෙන් සිද්ධ කරාවි.”
යම් හෙයකින් මේ වෙනකොට ඉදිරිපත් වන තොරතුරු සත්‍ය නම් කථානායකවරයා සම්බන්ධයෙන් ගන්න තීන්දුව මොකද්ද?
කථානායකවරයා තමන්ගේ සුදුසුකම් පිළිබඳව වාර්ථා කරාට පස්සේ අපි ඒක බලමු.
අමාත්‍ය නලින්ද ඡයතිස්ස – කැබිනට් ප්‍රකාශක