අය ශ්‍රේණිගත කිරීමේ මූඩීස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව ඉහළ දමා තිබෙනවා. ඒ CA මට්ටමේ සිට CAA -1 මට්ටම දක්වායි. මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා බැදුම්කර හිමියන් ශ්‍රී ලංකා රඡය සමඟ ඇති කරගත් එකගතාවට අනුව සිදු කළ සමාලෝචනයක් ලෙසයි මූඩීස් ආයතනය මෙම පියවර ගෙන ඇත්තේ. ඡාතික පාර්භෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය පසුගිය නොවැම්බර් මාසයේ දී සෘණ 1.7 ක් දක්වා තවදුරටත් පහළ ගොස් තිබෙනවා. එය පසුගිය ඔක්තෝබර් මාසයේදී වාර්තා වුනේ සෘණ 0.7 ක් ලෙසයි. එමෙන්ම පසුගිය ඔක්තෝබර් මාසයේ දී 1.3 ක් ලෙස සටහන් වූ ආහාර උද්ධමනය නොවැම්බර් මාසයේදී 0% දක්වා පහත බැස තිබීමත් විශේෂත්වයක්.
Related Posts
කොළඹ කොටුව සුපිරි හෝටලයේ ගින්නට හේතුව සැකයි
ඊයේ පස්වරුවේ කොළඹ කොටුව පිහිටි ද ස්ටුවර්ට් බයි සිට්රස් හෝටල් ගොඩනැගිල්ලේ 07 වැනි මහලේ ගින්නක් හට ගෙන තිබුණා . මහල්…
කසුන් මහේන්ද්‍ර අත්අඩංගුවට ගත් පොලීසියට වුන දේ
ඡනප්‍රිය රංගන ශිල්පිනී මාධවී ඇන්තනී මහත්මියගේ ස්වාමිපුරුෂයා වන කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අතුරුගිරිය පොලීසිය විසින් අහේතුකව පොලිස් භාරයට ගැනීම, අඩන්තේට්ටම්…
මත්ද්‍රව්‍ය සහ අපරාධ කල්ලි නායක පොඩි ලැසී නිදහස ලබයි
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ඡාවාරම් මෙහෙයවන්නෙකු ලෙස හැදින්වෙන අර්මාහන්දි ඡනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී අම්බලන්ගොඩ පොලීසිය විසින් මුල්…