උතුරේ සැමරුම් උත්සව ගැන ජනපතිට සංදේශයක් 

උතුරේ

උතුරේ උත්සව සම්බන්ධයෙන් විශ්‍රාමික අබාධිත රණවිරුවන් පිරිසක් අද ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ජනාධිපතිවරයා වෙත සංදේශයක් බාර දුන්නා. එම අවස්ථාවට සමාජ ක්‍රියාකාරීන් පිරිසක් ද එක්ව සිටියා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ රණවිරුවෙක් කියා සිටියේ..

” එල්.ටී.ටී සංවිධානය සහ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ගුණ සැමරුම් උත්සව තිබ්බා. හිටපු මන්ත්‍රී සිවාගලිංගම් සහ නව පාර්ලිමේන්තුවට තේරී පත් වූ අර්චුනා කියන මන්ත්‍රී වරුන් තමයි මේක සංවිධානය කරන්නේ.

අපි බලාපොරොත්තු වන්නේ මේවා මේ රටේ කරන්න බැහැ. හේතුව සාමකාමිව 2009 යුද්ධයක් අවසන් කරපු රටක්. රණවිරුවෝ වශයෙන් අපේ හිතට වේදනාවක් තියෙනවා මේ කර ගෙන යන වැඩ පිළිවෙල සම්බන්ධයෙන්. උතුරේ කදවුරු විටින් විට ඉවත් කරනවා. එම ඉවත් කිරීම් සම්බන්ධව සහ මහවිරු උත්සව පැවැත්වීම නතර කරන ලෙස අපි ඉල්ලනවා. “

සමාජ ක්‍රියාකාරී ගුණරත්න අධිකාරී කියා සිටියේ ..

” මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇවිල්ල මේ විදිහට ආවා කල්ලියට යුධ හමුදාව සම්බන්ධයි කියන කතා කියන කොට උතුරු නැගෙනහිර වෙනම රටක් කියන කතා කියන කොට යාපනයේ නිදහසක් නැහැ නිදහසේ අදහස් දක්වන්න වගේ කතා කියන කොට මේගොල්ලෝ මේ කියන කතා කාටද උපකාරී වන්නේ ? .

ලංකාවට යුධ අපරාධ චෝදනා කරන්න පාර්ශව ගණනාවක් බලා ගෙන සිටින විට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉදල මේ කතා කියන කොට කාටද ඒ වාසිය යන්නේ ?.

මහජනතාව විදිහට අපි හැමෝටම අයිතියක් තිබෙනවා මේවට කතා කරන්න. සිංහල , දෙමළ , මුස්ලිම් අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ විදිහට මේකට විරුද්ධ වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *