ඊශ්‍රායල යේමන් යුද්ධය උණුසුම් වෙයි

ඊශ්‍රායල යේමන් යුද්ධය උණුසුම් වෙයි

යේමන් හූතී කැරලිකාර කණ්ඩායම් අද අලුයම් කාලයේදී ඊශ්‍රායල යට මිසයිල ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. මෙම මිසයිල ප්‍රහාරය අයන් ඩෝම් ආරක්ෂණ පද්ධතිය මගින් මිසයිල පද්ධතිය මගින් සාර්ථකව මැඩපවත්වා තිබේ. කෙසේ වෙතත් මිසයිල කැබලි කොටස් කඩා වැටීමෙන් මධ්‍යම ඊශ්‍රායලයේ පාසලකට දැඩි හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව යුද්ධය උණුසුම් වී තිබෙනවා.

කෙසේ වෙතත් ඊශ්‍රායල විසින් සිය ගුවන් හමුදාවට අයත් F – 16 ගුවන් යානා උපයෝගී කර ගනිමින් ඊශ්‍රායලයේ සිට 2000KM දුරක් පියසර කරමින් යේමනය වෙත ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරය සදහා පියාසර කරනු ලැබූ F – 16 ගුවන් යානා සදහා අවශ්‍ය ඉන්ධන උඩුගුවනේදීම සපයා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් යේමනයේ වරාය නගරයක් වන හොදෙයිදා සහ සානා අගනුවර ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. මෙහිදී යේමනයේ විදුලි බලාගාර දෙකක් සහ තෙල් පර්යන්තයක් ද විනාශ කල බවයි වාර්තා වන්නේ .

රියර් අද්මිරාල් ඩැනියෙල් හැග්රි පැවසුවේ මෙවැන්නකි

” රතු මුහුදේ ජාත්‍යන්තර නෞකාවන් සහ වෙනත් ස්ථාන ඉලක්ක කර හුතී කණ්ඩායම් ප්‍රහාර එල්ල කිරීම නිසා ඔවුන් ගෝලීය තර්ජනයක් බවට පත්වෙලා . මොවුන් පසුපස සිටින්නේ කවුද ? ඉරානය. ඉරානය මුදල් සහ ආයුධ සැපයීම සිදු කරනු ලබනවා . අපි සියලු ත්‍රස්ත කණ්ඩායම් වෙත ප්‍රකාශ කරන්නේ ඊශ්‍රායල රාජ්‍යට තර්ජනය කරමින් මැදපෙරදිග සිටින ඕනෑම කණ්ඩායමකට එරහිව දිගින් දිගටම ක්‍රියාත්මක වනවා “

ඊශ්‍රායල යේමන් යුද්ධය නොනවතින බවයි පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *