අසර්බයිඡාන මඟී ගුවන් යානයක් කසකස්ථානයේදී කඩා වැටීමේ සිද්ධීය සම්බන්ධයෙන් අසර්බයිඡාන ඡනාධිපති ඉල්හාම් අලියෙව් රුසියාවෙන් වන්දි ඉල්ලා තිබෙනවා. ඒ එම ගුවන් යානයට රුසියානු හමුදාව මිසයිල ප්රහාරයක් එල්ල කර ඇතැයි විමර්ෂණවලින් අනාවරණය වීමත් සමඟයි. අනතුරෙන් තුවාල ලැබූ මඟීන් සහ කාර්ය මණ්ඩල සාමාඡිකයන්ට මෙන්ම අනතුරින් හානි වූ භූමියට රුසියාව වන්දි ගෙවිය යුතු බව ඔහු අවධාරණය කළා. අසර්බයිඡාන ඡනාධිපතිවරයා පවසන්නේ ඊට වගකිව යුතු සියලු දෙනාට දැඩි දඩුවම් ලබාදිය යුතු බවයි. පුද්ගලයින් 38 දෙනෙකුට මරු කැදවමින් පසුගිය 25 දා අනතුරට ලක් වූ අසර්බයිඡාන ගුවන් යානයේ කඩා වැටීම සමබන්ධයෙන් රුසියානු ඡනාධිපති විලැඩ්මීර් පුටිං සමාව ඉල්ලා සිටියා. ඒ එම ගුවන් යානයට රුසියානු හමුදාව මිසයිල ප්රහාරයක් එල්ල කර ඇති බවට විමර්ෂණවලින් අනාවරණය වීමත් සමඟයි. අසර්බයිඡාන මඟී ගුවන් යානය කඩා වැටීමට හේතුව රුසියාව එල්ල කළ මිසයිල් ප්රහාරයක් බව පළමුව අනාවරණය කරන ලද්දේ ඇමරිකාවේ බුද්ධි අංශය මගින් ය.
Related Posts
ඊශ්රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක්
මාස 15 පුරාවට ඊශ්රායලය හා හමාස් සංවිධානය අතර පැවති යුද්ධය අවසන් කරමින් දෙපාර්ශවයම සටන් විරාම ගිවිසුමකට එළඹ ඇති බවයි විදෙස්…
අනුර කුමාර දිසානායක මහතා ජනතාවට පැවසූ දේ
ඡනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළුතර කටුකුරුන්ද වෙට්ටුමකඩ පාකිස්ථාන් ක්රීඩාපිටියේ පැවති සුහද හමුවකට ඊයේ (19) පස්වරුවේ එක් වුණා. “ අපි…
මැතිවරණ ජයග්රහණය කාගෙවත් පුද්ගලික ජයග්රහණයක් නෙමෙයි.
මේක අපි කාගෙවත් පුද්ගලික මැතිවරණ ජයග්රහණයක් නෙමෙයි. අපි කාගේත් සාමූහික ජයග්රහණයක් . මේ සාමූහික ජයග්රහණය අපට ඇත්තටම ලොකු බරක්. මොකද…