හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද තීන්දු කර තිබෙනවා. 2019 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරහිව සුදු වෑන් වලින් පැහැර ගැනීම් වලට ඒ මහතා ඍජු ලෙස සම්බන්ධ බව පවසමින් මාධ්‍ය සාකච්චාවක් පැවැත් වුවා.
එම මාධ්‍ය සාකච්චාව නිසා ජනාධිපතිවරණ සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට අවාසි සහගත වන අයුරින් සහ අගතියක් වන ආකාරයට සැලසුම් සහගතව කරන ලද බව පවසමින් ගොනු කල නඩුවකට අදාල තීන්දුව දෙමින් රාජිත සේනාරත්න සහ විත්තිකරුවන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.